Tuesday, September 17, 2024
Follow Us
පිල් මාරුවට හේතුව ගීතා කියයි

ගිලෙන බෝට්ටුවකට නැග සියදිවි නාසාගැනීමට තමන්ට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව හිටපු ළමා හා කාත්තා කටයුතු රාජ්‍ය ඇමතිනි ගීතා සමන්මලී කුමාරසිංහ පැවසුවාය.

ඇය ඒ බව පැවසුවේ අද (11) කොළඹ පැවති සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවකදී ය.

මෙවර ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සිය සහාය පළ කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්,

"ආණ්ඩුවෙන් මම කිසිදෙයක් අරගෙන නෑ. ඒ නිසා මම ණයත් නෑ බයත් නෑ. මම ස්වාධින තීන්දු තීරණ ගන්නේ. මම ගීතා කුමාරසිංහ. මේ රටේ ස්වහසක් කලාකාරයින්ගේ හිත දිනාගත්ත කෙනෙක් මම. අපේ ජනාධිපතිතුමා එතුමාව ජනාධිපති කරන්න මමත් ඡන්දෙ දුන්නා. පාර්ලිමේන්තුවේ මගේ ඡන්දෙත් එතුමා ඔය අද ඉන්න පුටුවට එන්න හම්බවුණා. එතුමා ඊයේ වෙනකොට මාව ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශයෙන් අයින් කළා. දවස් කියකටද. තව දවස් 8යි තියෙන්නේ ජනාධිපතිවරණයට ඔය වගේ සිඟිති ආලත් දෙන්න හොඳ නෑ ජනාධිපති කෙනෙක් විදියට. ඔයා සජිත් ගාවට ගියේ දිනන නිසා නේද කියා අහනවා. මම කිව්වා ඔව්. දිනන නිසාමයි ගියේ. පැරදෙන එකකට ගිහිල්ලා. ගිලෙන බෝට්ටුවකට ගිහිල්ලා සියදිවි නසාගන්න මට ඕනේ නෑනේ. ඔව් මම දිනනවා කියලා දන්වා. ඒ විශ්වාසය මට තියෙනවා. "

Aruna