Monday, September 16, 2024
Follow Us
නිශ්චිත වැඩපිළිවෙළකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයා

නිශ්චිත වැඩපිළිවෙළක් සකස්කර ඒ වැඩපිළිවෙළ නීතියක් බවට පත් කර සම්මත කර  මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන එකම අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ  ඒ ඉලක්කය වෙනුවෙන් ආයුධ පහකින් සමන්විත පංචායුධයක් කළ බවයි.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන,

"ශ්‍රී ලංකා මහ බැංකු පනත මගින් මුදල් මුද්‍රණය කිරීම තහනම් කර තිබෙනවා. හිතුමතේ ණය ගැනීම වැළැක්වීම සඳහා ණය පාලන පනත සම්මත කර තිබෙනවා. විකාර රූපී යෝජනා අයවැය වාර්තාවට ඇතුළත් කිරීම වැළැක්වීමට මූල්‍ය කළමනාකරණ පනත සම්මත කර තිබෙනවා. ප්‍රතිපත්ති වෙනස් නොකර ඉදිරියට යෑම සඳහා ආර්ථික පරිවර්තන පනත සම්මත කර තිබෙනවා.සොරකම වංචාව දූෂණය වැළැක්වීම සඳහා දූෂණ විරෝධී පනතක් සම්මත කර තිබෙනවා.

මෙවැනි වැඩපිළිවෙළක් ජාතියට ඉදිරිපත් කර ජාතික න්‍යායපත්‍රයක් ක්‍රියාත්මක කිරීම සඳහා අප සියලු දෙනා එක්ව කටයුතු කරනු ලබනවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් පොහොට්ටුවට සහාය ලබා දුන් අප සියලු දෙනා රැක ගැනීම, වැටී තිබුණු රට යළි යථා තත්ත්වයට ගෙන ඒම, රටේ අනාගත සංවර්ධනය උදෙසා ජාතික වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීම යන කරුණු තුන මත දේශපාලන පක්ෂ පාට භේදයකින් තොරව රටට ආදරය සියලු දෙනා එළඹෙන 21 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අත්වැල් බැඳගනු ඇති බව මා විශ්වාස කරනවා."