Wednesday, September 18, 2024
Follow Us
ජනපති අපේක්ෂකයින්ට මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙකු වෙනත් අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීම නීතිවිරෝධී බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පවසන්නේ යම් අපේක්ෂකයෙකු ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර දී ඇත්තේ තමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් පමණක් බවය.

එමෙන්ම අපේක්ෂකයින් වෙනත් අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි ලැබී ඇති බවත් එහි සඳහන් ව තිබේ.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස්වලට පටහැනිව අනීතික ලෙස ප්‍රචාරක කටයුතු සිදු කරන්නේ නම් ප්‍රවර්ධනය සිදුකරනු ලබන අපේක්ෂකයාට මෙන්ම ප්‍රවර්ධනයට ලක්වන අපේක්ෂකයාටද මැතිවරණ නීති ප්‍රකාරව කටයුතු කරන බව මැතිවරණ කොමිසම පවසයි.