Thursday, September 19, 2024
Follow Us
කිසිදු වැරදි තීරණ ගත්තේ නැහැ -ජනපති රනිල් කියයි

මා සෑමවිටම තීරණ ගනු ලැබුවේ රටේ ජනතාවගේ අනාගතය පිළිබඳ සිතමින් බවත්, තමා කිසිදා වරදින තීන්දු නොගත් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එළැඹෙන ජනාධිපතිවරණයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතගේ ජනරැළියට එක් වෙමින් මේ බව සඳහන් කළේය.

"තමා සෑමවිටම තීරණ ගනු ලැබුවේ රටේ ජනතාවගේ අනාගතය පිළිබඳ සිතමින් බවත්, තමා කිසිදා වරදින තීන්දු නොගත් බවත් පැවසු ජනාධිපතිවරයා තුන්සිංහලයේ අභිමානය ආරක්ෂා කර ගනිමින් දියුණු රටක් ගොඩනගන බවද ප්‍රකාශ කළේය.ජන රැලිය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීයඑදා රටේ ජනතාව පෝලිම්වල දුක් වින්දා. එදා පෝලිමේ නොසිටි නිවසක් සෙවීම කිසාගෝතමියි අඹ මිටක් සොයා ගිය ගමනටත් වඩා අසීරුයි. මම මේ රට භාරගත්තේ   
රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් බංකොළොත්භාවයෙන් නිදහස් කර ගැනීමටයි. එහි අවසන් අදියර මම දැන් අවසන් කර තිබෙන බව ප්‍රකාශ කරනවා. මම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව හා අපට ණය ලබා දුන් රටවල් සමඟ සාකච්ඡා කර ණය තිරසරභාවය පිළිබඳ ලංකාව වැනි රටකට සුදුසු ගිවිසුමකට එළැඹ තිබෙනවා."