සැමට සමාන නීතියක් ජාතික ජන බලවේග රජයක් යටතේ නිර්මාණ කරන බව එහි නායක අනුර කුමාර දිසානායක පවසනවා.
2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21වැනිදා පැවැත්වෙන බව ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
දේශීය කෘෂිකර්මාන්තය නඟාසිටුවීම වෙනුවෙන් වත්මන් ආණ්ඩුව ආරම්භ කර තිබෙන සැලසුම් සහගත කෘෂි නවීකරණ වැඩ පිළිවෙල හමුවේ ගොවි ජනතාව තවදුරටත් දේශපාලන අතකොලු බවට පත්කර ගැනීමට නොහැකි වී ඇතැයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ඉදිරි ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් වන අතර ඒ වෙනුවෙන් මේ වන විට ඇප මුදල් ද තැන්පත් කර අවසන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ල නගර සභා ක්‍රීඩාංගණයේ දී අද (27) පැවති “එක්ව ජය ගමු - අපි ගාල්ල” ජන හමුව අමතමින් ප්‍රථම වරට ජනතාව හමුවේ ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරණය කල් දැමීමට කිසිසේත් හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පැවසීය.
ආණ්ඩු වෙනස් වීමේදී ප්‍රතිපත්ති ද වෙනස් වීම අපේ රටේ පවතින ප්‍රධාන ගැටළුවක් බවත් එම ක්‍රමය වෙනස් කිරීම වෙනුවෙන් රජය, මූල්‍ය හා පාලන අංශවල ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ගණනාවක් සිදු කර ඇති බවත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා පැවසීය.
ජනාධිපතිපතිවරණය පැවැත්වෙන දිනය මැතිවරණ කොමිසම විසින් අද ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු සිව් දෙනකු ඇප මුදල් තැන්පත් කළ බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට උදව් කිරීමෙන් ලැබුණු අපට ලැබුණු දායාදය පක්ෂය දෙකට කැඩීම බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසී ය.
Tourism Minister Harin Fernando yesterday challenged the National People’s Power (NPP) leader Anura Kumara Dissanayake to disclose the funding sources for his recent foreign trips, expressing disappointment in the latter’s understanding of the tourism industry and progress made so far.
2024 ජනාධිපතිවරණයේ ඇප මුදල් තැන්පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ලෙස තමාද ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අද (25) ප්‍රකාශ කළේය.
2020 සහ 2021 වර්ෂ වලට අදාළ හෙද බඳවා ගැනීම් සිදු කිරීම සඳහා අදාළ ගැසට් පත්‍රය ඉදිරි මාස තුන ඇතුළත නිකුත් කරන බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (23) පාර්ලිමේන්තුවේදී පැවසීය.
කිසිවකුගේ බලපෑමට මැතිවරණ කොමිෂන් සභාව හිස නොනමන බවත්, කිසිඳු බලපෑමකින් තොරව ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ දිනය ප්‍රකාශයට පත් කර තිබෙන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසයි.
රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව අද (25) පාර්ලිමේන්තුවේදී සම්මත කෙරිණි.
පාර්ලිමේන්තුව අද (23) සිට 26 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී සිදු කළ විශේෂ ප්‍රකාශය පහතින් දැක් වේ.
1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පිළිබඳ පනතේ නෛතික විධි විධාන අනූව ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා නියමය පළ කරන දිනය, නාමයෝජනා භාරගැනීමේ දිනය හා ස්ථානය සහ ජන්ද විමසීමේ දිනය පිළිබඳව දැනුම් දීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය 2024 ජූලි මස 26 වන දින ප්‍රකාශයට පත් කිරීමට අද දින රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව තීරණය කොට කර තිබේ.
ඉවක් බවක් නැතිව මේ දිනවල අපේ ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතියෙන් තොරව, දිස්ත්‍රික් ලේකම්ගේ අනුමැතියෙන් තොරව මහා සංඝරත්නයේ විරෝධතා මැද හෝමාගම මැතිවරණ කොට්ඨාසය තුළ මත්පැන් බලපත්‍ර නිකුත් කරගෙන යන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
Page 24 of 550