Sunday, May 03, 2026
Follow Us
Political

ජනාධිපතිවරණයේදී එක් අපේක්ෂකයකුට ඡන්දදායකයකු වෙනුවෙන් වියදම් කළ හැකි මුදල රුපියල් 109ක් ලෙස තීරණය කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට හිටපු අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ තීරණය කර ඇත.

Political

අගෝස්තු මස දෙවැනි රැස්වීම් සතියේ පාර්ලිමේන්තුව 21 වැනි බදාදා පමණක් රැස්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 08 වැනිදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

Political

2024 සැම්තැම්බර් 21 වැනි දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ ඇප මුදල් තැන්පත් කිරීම අද (14) මධ්‍යහ්න 12.00ට අවසන් වූ අතර ඇප තැන්පත් කරන ලද සියලුම අපේක්ෂකයින් සදහා 2024.08.15 දින නාමයෝජනා භාර ගැනීමේදී වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර ඇත.

Political

2024 ජනාධිපතිවරණය සඳහා ඡන්දදායකයින් 736,589ක් තැපැල් ඡන්ද සඳහා ඉල්ලුම්කර ඇති බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.

Political

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කෙරෙන දැවැන්තම සන්ධානය ගොඩනැගීමේ සම්මුතියට එළඹීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.

Political

ජනාධිපතිවරණය 2024 සඳහා ඇප තැන්පත් කිරීම අද (13) දිනට අදාළ නිවේදනයක් මැතිවරණ කොමිෂන් සභාවෙන් නිකුත් කර තිබේ.

Political

ජනාධිපතිවරණ අපේක්ෂකයින් කිහිප දෙනෙක් අද (17)මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කිරිමට නියමිතයි.

Political

සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා නාමයෝජනා භාරදුන් ස්වාධීන අපේක්ෂකයින් සඳහා මේ වනවිට ඡන්ද ලකුණ ලබා දී තිබේ.

Political

උඩරට හා පහතරට වතු ප්‍රජාවගේ ජීවන තත්ත්වය නගා සිටුවිම වෙනුවෙන් නව ප්‍රඥප්තියකට එළැඹීමට සමගි ජනසන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස අද (12) කටයුතු කළේය.

Political

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද ආගමික වතාවත්වල නිරත විය.

Political

පුරප්පාඩු වූ ගාල්ල දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා පත් කරන ලද බව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Political

ආර්ථික පරිවර්ථන පනත් කෙටුම්පත සඳහා කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගිය දා (09) දින සිය සහතිකය සටහන් කළේය.

Political

නාම යෝජනා භාර දීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  පිරිසක් අද  (16)   ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි සෑ රදුන් වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගත්හ.

Political

2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද සලකුණ ගෑස් සිලින්ඩරය ලෙස මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත්කර තිබෙන බව වාර්තා වෙයි.

Political

මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුර අහෝසි වීම හේතුවෙන් 2024.08.09 දින සිට නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර දෙකක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් චමින්ද කුලරත්න මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිඛිතව දන්වා තිබේ.

Political

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයෙකුට සහය ලබා දීමට තමන් තීරණය කර නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Political

2024 ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීමේ කටයුතු අද (15) සිදුකිරීමට නියමිතයි.

Political

“රාජ්‍ය මූල්‍ය කළමනාකරණ” නමැති  පනත් කෙටුම්පතෙහි සහතිකය සටහන් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (09) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.