ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වර්ජනයේ යෙදී සිටින විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති සමඟ එළඹෙන සඳුදා දිනයේ සාකච්ඡා කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය.
හිටපු යුද හමුදාපති විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගය හා එක්විය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ධූරයේ කටයුතු කිරීම වළක්වමින් හිටපු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මහතාට පැන වූ වාරණය ලබන මස 12 වන දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා අද නියෝග කළේය.
සමාජය සවිබලගැන්වීම වෙනුවෙන් ඉඩම තීරණාත්මක සාධකයක් වන බවත් එබැවින් වගා කර නොමැති ඉඩම් වගා කටයුතු සඳහා යොදා ගැනීමට හැකිවන නව නීති හඳුන්වා දීමට කටයුතු කරන බවත් සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා සඳහන් කළේය.
මෙරට ආර්ථිකයට අතිශය තීරණාත්මක පනත් කෙටුම්පත් දෙකක් අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සැලසුම් කර තිබෙන බව වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය. ඒ අනුව යළි ආර්ථිකය බිඳවැටීමක් සිදු නොවීමට අදාළව “ආර්ථික පරිවර්තනය පිළිබඳ පනත් කෙටුම්පත” (Economic Transformation law) සහ රටේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ප්‍රශස්ත මට්ටමක පවත්වාගෙන යෑම වෙනුවෙන් “රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත” ඉදිරිපත් කරන බව ඒ මහතා පෙන්වා දුන්නේය.
මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීමෙන් අනවශ්‍ය මුදල් නාස්තියක් මෙන්ම පරිසර දූෂණයක් සිදුවනවා සේම රට බංකොලොත්භාවයෙන් මුදාගැනීමේ ඉදිරි ක්‍රියාමාර්ගවලටත් විශාල සහායක් ලබා ගැනීමට තිබෙන හැකියාව අහිමි වන බව එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
විවාදය සඳහා සජිත් ප්‍රේමදාස මහතා දුන් දිනවලින් ජුනි 6 දිනය අනුර කුමාර දිසානායක මහතා භාරගත් බව ජාතික ජන බලවේගය පක්ෂයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය
වතු කම්කරු වැටුප රුපියල් 1700 දක්වා ඉහල නැංවීමේ තීරණය මීළඟ මාසයේ සිට සියලු වතු හාම්පුතුන් ක්‍රියාත්මක කළ යුතු බවත්, එසේ අවම වැටුප ලබා නොදෙන වතු යළි රජයට පවරාගෙන නියමිත පරිදි කටයුතු කරන අයට ඒවා පවරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඊයේ (26) පැවසීය.
මෙරට ආර්ථිකයට අතිශය තීරණාත්මක පනත් කෙටුම්පත් දෙකක් එළඹෙන මැයි 22 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සැළසුම් කර තිබෙන බව වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.
පාර්ලිමේන්තුව මැයි 22 වැනි බදාදා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
පෙර පාසල් ගුරුවරු පුහුණු කිරීමේ ක්‍රමවේදයක් ඉදිරියේදී සකස් කරන බව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය අද(14) පාර්ලිමේන්තුවේදී පැවසුවාය. දරුවකුට සමාජගතවීම උගන්වන්නේ මෙම පෙරපාසල් අධ්‍යාපනය තුළින් බවත්, එම නිසා පෙර පාසල් අධ්‍යාපනය වඩාත් විධිමත් විය යුතු බව ඇය පෙන්වා දුන්නාය.
Page 23 of 544