සතියක් තුළදී මෙරට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වැදගත් තීරණ 03ක් ක්‍රියාත්මක කිරීමට හැකි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද (07) පාර්ලිමේන්තුවේදී පැවසීය.
උඩරට හා පහතරට වතු ප්‍රජාවගේ ජීවන තත්ත්වය නගා සිටුවිම වෙනුවෙන් නව ප්‍රඥප්තියකට එළැඹීමට සමගි ජනසන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස අද (12) කටයුතු කළේය.
මැතිවරණ කොමසාරිස්වරයා පසුගිය 26 වනදා, ගැසට් නිවේදනය නිකුත් කළ පසු කිසිදු බඳවා ගැනීමක් සිදුකර නැතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය. සංවර්ධන නිලධාරින් ගුරු සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27(02) යටතේ අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය.
සතියක් තුළදී මෙරට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වැදගත් තීරණ 03ක් ක්‍රියාත්මක කිරීමට හැකි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද (07) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ආර්ථික පරිවර්ථන පනත් කෙටුම්පත සඳහා කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගිය දා (09) දින සිය සහතිකය සටහන් කළේය.
වගකීමෙන් යුතුව විධිමත්ව කසළ බැහැර කරන ලෙස මහනුවර ඇසළ පෙරහැර නැරඹීමට පැමිණෙන බැතිමතුන්ගෙන් මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලා සිටී.
IMF එකඟතා දශමයකින් හෝ වෙනස් කළොත් රට ඉදිරියට ගෙනයාමට නොහැකි බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධණ මහතා පැවසීය.
වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වූ වාර්තාව පිළිබඳව අද(07) පාර්ලිමේන්තුවේ පැවති සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ,
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ණය ගිවිසුමකට එළඹ අද වන විට අපේ රටේ සමස්ත ආර්ථිකයම කළමනාකරණය කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අද වන විට , අපේ රටට ඛනිජ තෙල්, පොහොර, බෙහෙත් හේත්, අහාර පාන තිබෙනවා. අයවැය සෑදීමට, විශ්‍රාම වැටුප් ඇතුළු අනෙක් සහනාධාර ගෙවීමට හැකි වී තිබෙන්නේ මෙම ගිවිසුම ප්‍රකාරව කටයුතු කිරීම නිසයි. ඉදිරියේදී කටයුතු කිරීමට සිදු වන්නේත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් ගිවිසුම අනුව කටයුතු කළොත් පමණයි.
නමුත් මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා, අද රටටත් ජාත්‍යන්තරයටත් සිදුකළ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ, විපක්ෂය බලයට පත් වුණොත් ජ්‍යාත්‍යන්තරය සමග ඇති කර ගත් ණය ගිවිසුම වෙනස් කරනවා කියලා. එසේ කළහොත් මේ රට ඉදිරියට ගෙන යා හැක්කේ සති දෙකක් හෝ මාසයක් පමණයි. මම කියනවා එහෙම වුණොත් ලබන වසරේ අය වැය ලේඛනය හදන්න බැහැ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ විස්තීර්ණ වැඩපිළිවෙළ යටතේ අපි ගිවිසුමකට අත්සන් කර තිබෙනවා. එම ගිවිසුම අනුව 2025 වසරේදී ජාත්‍යන්තර මුදල් හිඟයක් ඇති වෙනවා ඇමරිකානු ඩොලර් මිලියන 5018. ඉන් විස්තීර්ණ ණය ක්‍රමය යටතේ ඩොලර් මිලියන 663ක මුදලක් ලැබෙනවා. 2025 අය වැය හදන විට ඩොලර් මිලියන 700ක් දෙන්න පොරොන්දු වෙලා තිබෙනවා. ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 400ක් දෙන්නත්, ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 300ක් දෙන්නත් පොරොන්දු වෙලා තිබෙනවා. ඩොලර් මිලියන 3655ක ණය සහනයක් ලැබෙයි කියලා අපි හිතනවා. අපි ලෝකයට ප්‍රතිඥා දීලා රට මේ තත්වයට ගෙනත් තිබෙනවා.ජපානය, ප්‍රංශය සහ ඉන්දියාව යන රටවල් නිල ණය හිමියන් ලෙස රැස් වෙලා විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ගිවිසුමකට එලඹිලා තිබෙනවා. ආණ්ඩු වෙනස් වුණත් මෙම ගිවිසුම් වෙනස් කරන්න බැහැ.
අපි එසේ කරන බවට පනත් 05ක් මෙම සභාවේ සම්මත කර තිබෙනවා.මොන හේතුව වුණත් අපිට මුදල් අච්චු ගහන්න බැහැ. සවරින් බොන්ඩ් තියලා ණය ගන්න බැහැ. මූල්‍ය කළමනාකරණ පනතක් පාර්ලිමේන්තුවේ තිබෙනවා. ඉස්සර වගේ අයවැය ඕන විදියට හදන්න බැහැ.
ආණ්ඩු වෙනස් වුණා කියලා මේවා වෙනස් කරන්න බැහැ.
2032 වසර වන විට රටේ නොපිය වූ මුළු ණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 95කට ගේන්නම ඕන. අනුන්ගේ ණය අපි අඩු කර ගන්න ඕන. අවුරුද්දක දළ මූල්‍ය අවශ්‍යතාව වන්නේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 13 ඉක්මවිය නොහැකියි. විදේශීය ණය සේවා කරන ගෙවීම් දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5 ඉක්මවිය නොහැකියි.
මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුර අහෝසි වීම හේතුවෙන් 2024.08.09 දින සිට නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර දෙකක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් චමින්ද කුලරත්න මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිඛිතව දන්වා තිබේ.
අමාත්‍යවරුන් වූ මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දුගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
ඒ අනුව සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ඔවුන් ඉදිරිපත් කළ පෙත්සම් නිෂ්ප්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දී ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ ඉදිරිපත් වන බව එම පක්ෂය විසින් මීට සුළු මොහොතකට පෙර නිල වශයෙන් නිවේදනය කළේය .
“රාජ්‍ය මූල්‍ය කළමනාකරණ” නමැති පනත් කෙටුම්පතෙහි සහතිකය සටහන් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (09) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය එළි දැක්වීමේ උත්සවය සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අද පෙරවරුවේ ආරම්භ වුණා.
2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 18 දෙනෙකු මේ දක්වා ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
ජනාධිපතිවරණයේ 2024/08/09 දක්වා ඇප තැන්පත් කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර තිබේ.
සේවාව වර්තමානයට ගැලපෙන ආකාරයට ප්‍රතිනිර්මාණය කිරීමට අවශ්‍ය පනත් කෙටුම්පත් 09ක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද(08) පාර්ලිමේන්තුවේදී පැවසීය.
වනජීවී දෙපාර්තමේන්තුවට බහු කාර්ය නිලධාරින් 4000ක් පමණ යොදවා ගනිමින් ඔවුන් වන අලි තර්ජනයට මුහුණ දී තිබෙන ගම්මානවල ආරක්ෂාව සඳහා යොදවන බව වනජීවී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (06) පාර්ලිමේන්තුවේදී සඳහන් කළාය.
රට ගොඩගත්තාට සුබ නොපතා ආණ්ඩුවට එක් වීම සම්බන්ධයෙන් අමාත්‍ය ධුර, මන්ත්‍රී ධුර නැති කළ එකම පාර්ශ්වය සමගි ජන බලවේගය ප්‍රමුඛ සජිත් ප්‍රේමදාස වන බවත් ලංකා ඉතිහාසයේ ශතවර්ශවලට වඩා වැඩ කළ වර්ෂ දෙක වෙනුවෙන් සජිත් ප්‍රේමදාසට ආඩම්බරයෙන් ස්තුති කරන බවත් හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.
ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජනබලවේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දයාසිරි ජයසේකර පාර්ශවය අතර අවබෝධතා ගිවිසුමකට කොළඹදී අද (07) එළඹිණ.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (06) කාරක සභා කිහිපයක සාමාජිකයින් පත් කර තිබේ. එම කාරක සභා සහ සාමාජිකයින් පහත පරිදි වේ.
Page 22 of 550