Friday, November 22, 2024
Follow Us
මහ මැතිවරණයට ඡන්ද මධ්‍යස්ථාන සූදානම් කිරීම ඇර‍‍‍‍ඹේ

මහ මැතිවරණයට අදාළව ඡන්ද පෙට්ටි සහ සියලුම ලිපිද්‍රව්‍ය නිකුත් කිරීම අද (13) දිනය පුරා සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේ පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා මෙම කටයුතු සිදුවන බවයි.

"හෙට දිනයේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථාන 13,314 සඳහා යොමු කළ යුතු සියලූම නිලධාරීන් සහ ඡන්ද පෙට්ටි, ඡන්ද පත්‍රිකා සහ අනෙකුත් සියලුම ලිපිද්‍රව්‍ය නිකුත් කිරීම අද දිනයේ දී දිවයිනේ පිහිටි පරිශ්‍ර 49ක දී සිදුකරනවා. මැතිවරණ කොට්ඨාස 22ට අදාළව දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ක දී මෙම නිකුත් කිරීමේ කටයුතු සිදුකරනු ලබනවා. අද උදේ 7 සිට එම කටයුතු ආරම්භ කරන අතර සියලුම ඡන්ද මධ්‍යස්ථානවල වැඩකරන කාර්ය මණ්ඩල සඳහා පෙරහුරුවක් සිදුකරනවා."