Sunday, March 15, 2026
Follow Us

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අතර සාකච්ඡාවක් ඊයේ (25) අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විය.

ගුරුසේවාව, විදුහල්පති සේවාව, ගුරු උපදේශක සේවාව සහ පිරිවෙන් ගුරු සේවාව ඇතුළු සේවාවන්හි ඇති ගැටළු පිලිබඳව මෙහිදි වෘත්තීය සමිති නියෝජිතයින් අග්‍රාමාත්‍යවරිය දැනුවත් කිරීමට කටයුතු කළේය.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදිප් සපුතන්ත්‍රි මහතා සහ ගුරු විදුහල්පති සේවාව නියෝජනය කරමින් වෘත්තීය සමිති රැසක නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගී විය.