හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සමගි ජනබලවේගයේ සියලු වගකීම්වලින් වත්වන බව පවසයි.
විශේෂ මාධ්‍ය හමුවක් ඊයේ (13) පවත්වමින් ඇය සඳහන් කර සිටියේ සමගි කාන්තා බලවේගයේ නායකත්වයෙන් සහ පක්ෂයෙන් අනෙකුත් සියලු වගකීම්වලින් තමන් ඉවත්වන බවයි.
කෙසේ වෙතත්, තමන් පක්ෂය හැර නොයන බවද ඈ පවසයි.
සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජයේ වගකීම, සජිත් ප්‍රේමදාස මහතාට ඉතාම සමීප පාර්ශ්ව විසින්, පක්ෂයේ බිම්මට්ටමේ නායකයන් පිට පැටවීම සම්බන්ධයෙන් තමන් කලකිරී සිටින බවද ඇය කියා සිටියාය.