Saturday, January 03, 2026
Follow Us
නාමයෝජනා ප්‍රතික්ෂේප වූ අයට දැනුම් දීමක්

2024 මහ මැතිවරණය සඳහා මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා කණ්ඩායම් 690 ක් තරග කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි.

ඒ අනුව මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වූ නාමයෝජනා පත්‍ර 690 ක් පිළිගෙන ඇති අතර තවත් නාමයෝජනා පත්‍ර 74 ක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.

නාමයෝජනා සම්බන්ධයෙන් යම් අසාධාරණයක් වී ඇතැයි හැඟේ නම් එම කණ්ඩායම් වලට අධිකරණයට යා හැකි බවද ඔහු වැඩිදුරටත් පැවසීය.