Friday, October 02, 2026
Follow Us
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති අතර හමුවක්
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති වයි හුවාෂියැන්ග් (Wei Huaxiang) මහතා අතර සාකච්ඡාවක් ඊයේ (01) මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

 

දෙරට අතර පවතින දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නියමිත සහයෝගිතා වැඩසටහන් පිළිබඳව මෙම හමුවේ දී සුහද සාකච්ඡාවක නිරත විය.
විශේෂයෙන්ම, වර්තමානයේ ප්‍රධාන අභියෝගයක් බවට පත්ව ඇති මාර්ගගත ක්‍රම ඔස්සේ සිදු වන මූල්‍ය වංචා (Online Financial Frauds) දෙරටේ ඒකාබද්ධ සහයෝගීතාවයෙන් මැඩපැවැත්වීම සඳහා ගත යුතු ඉදිරි පියවරයන් පිළිබඳව ද දෙපාර්ශ්වයේ අවධානය යොමු විය.
මෙම අවස්ථාව සඳහා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා ද සහභාගී විය.