Saturday, October 05, 2024
Follow Us
පාර්ලිමේන්තු මැතිවරණයේ නාම යෝජනා භාර ගැනීම අද සිට

2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම අදින් (04) ආරම්භ කිරීමට නියමිතයි.

ජාතික මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක සඳහන් කළේ, ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

ලබන 11 වැනිදා මධ්‍යහන 12 දක්වා නාම යෝජනා භාරදිය හැක.

.2024 මහ මැතිවරණය නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිතයි.