අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡාව අද (16) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වී තිබේ.
සමගි ජන බලවේගයේ විශේෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද පැවැත්වෙනවා. නියෝජ්‍ය කථානායක ධූරය සදහා සමගි ජන බලවේගයෙන් නම් දෙකක් යෝජනා වී ඇති අතර ඒ සම්බන්ධයෙන් මෙහිදී අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සදහන් කළේ.
සර්ව පාක්ෂික ආර්ථික පුනර්ජීවන සැලසුමක් ගොඩනැගීම සදහා තමන් පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති තනතුර භාරගැනීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා. මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.
පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාසවලට ගිනි තබා දේපළවලට හානි කිරීමේ සිද්ධීන් වාර්තා වූ සෑම පොලිස් වසමකටම පොලිස් ස්ථානාධිපතිවරුන් සහ කොට්ඨාස භාර නිළධාරීන් පත් කර ඇත්තේ එම දේශපාලකයින්ගේ බලපෑම මත බව පොලිස්පති සී ඩී වික්‍රමරත්න පවසනවා. ඔහු මේ බව පවසා ඇත්තේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදියි.
විවිධ දෙස් විදෙස් කණ්ඩායම් සමග මේ වන විට මන්ත්‍රීවරුන් මුදලට බිලිබා ගැනීමේ මෙහෙයුමක් ආණ්ඩු පාර්ශ්වය ආරම්භ කොට ඇතැයි ද, ඒ මෙහෙයුම් වලට සමගි ජන බලවේගයේ කිසිදු මන්ත්‍රීවරයෙක් හසු නොවන්නේයැයි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (15) විපක්ෂ නායක කාර්යාලයේ දී පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ ඉදිරිපෙළ නායකයින් පස් දෙනෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් පත්කර ගැනීම සඳහා සූදානමක් පවතින බව ආරංචිමාර්ග පවසයි.
විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර යන හිටපු අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කුඩා පක්ෂ 10 කණ්ඩායම අද (16) පෙරවරු 10.00 ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
රට හමුවේ පවතින අර්බුද විසඳීම සඳහා පාර්ලිමේන්තුවේ කණ්ඩායමක් නොව මන්ත්‍රීවරුන් සියලුදෙනා මේ මොහොතේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කළ යුතු බව එක්සත් ජාතික පක්‍ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත්‍රීවරු පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට තීරණය කර ඇති බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා. නිමල් සිරිපාලද සිල්වා, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ජගත් පුෂ්පකුමාර සහ ලසන්ත අලගියවන්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙලෙස අග්‍රාමාත්‍යවරයාට සහය දැක්වීමට තීරණය කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.
Page 166 of 554