සාමකාමී සමුගැනීමක් වෙනුවට ප්‍රචණ්ඩත්වය නිර්මාණය කරමින් අරලියගහ මැදුරේදී රාජපක්ෂලා කළ උසිගැන්වීමේ ප්‍රතිඵලය වූයේ මුළු රටම ප්‍රචණ්ඩත්වයට යොමු වීම බවත්, එයින් මහා විනාශයක් සිදුවූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
කැබිනට් මණ්ඩලය පත් කිරීම දිගින් දිගටම ප්‍රමාද වීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු අඩාල වී ඇති බවත්, එසේ පාර්ලිමේන්තුවේ කටයුතු අඩාලවීමට ඉඩ නොතැබිය යුතු බවත් ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයාට අප්‍රසාදය පල කිරීමේ යෝජනාවට විරුද්ධව ඡන්දය ලබා දීමෙන් අග්‍රාමාත්‍යවරයා ගාලුමුවදොර අරගලකරුවන්ට ලබා දුන් පොරොන්දුව කඩකර ඇති බව සමගි ජන බලවේගය පවසනවා. විපක්ෂය ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල යෝජනාව පරාජයට පත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මේ බව කියා සිටියා.
උගුරට ලේ රහ දැනෙන තුරු, මේස් බැනියමට දාඩිය දමන තුරු ලක්ෂ 03 කට අධික පිරිසකට බුද්ධිය ලබාදුන් තමා රටට කරඇති හානිය කුමක්ද යන්න පිළිබඳව පසුගිය දිනවලදී තමා කල්පනා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. පසුගිය 09 වැනිදා සිය නිවසට ගිනි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යවන ලද ලිපියට අගමැතිවරයා විසින් පිළිතුරු ලිපියක් එවා තිබෙනවා.
ගෝල්ෆේස් විරෝධතාවට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (18) දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 06 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බව වාර්තා වේ.
අග්‍රාමාත්‍ය තනතුරට පත් වූ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අද අගමැතිවරයා ලෙස පළමුවරට පාර්ලිමේන්තුව ඇමතීය. ඒ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ දැඩි බාධා කිරීම් මධ්‍යයේයි.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු මහතා සහ මනුෂ නානායක්කාර මහතා විසින් පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකර තිබිණි. මන්ත්‍රීවරුන් දෙදෙනා සිය ලිපියෙන් අවධාරණය කර තිබුණේ කරුණු කිහිපයක් සඳහා එකඟ වන්නේ නම් ආණ්ඩුවට සහාය දීමට සූදානම් බවයි.
ගෝල්ෆේස් අරගල භූමියට පහරදීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටින හිටපු බස්නාහිර පළාත්සභා මන්ත්‍රී අමල් සිල්වා ඇතුළු දෙදෙනා අද (18) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
සෑම අතින්ම රට අසීරුවට පත්ව ඇති අවස්ථාවක රටේ ප්‍රශ්න විසඳීම සඳහා ඉදිරිපත් වන ඕනෑ ම නායකයෙකුට සාතීශ්‍යය ගෞරවයෙන් යුතුව තම සහයෝගය ලබා දීමට සූදානම් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර මහත්වරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමුකරමින් දැනුම් දෙයි.
ගෙවිය යුතු විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියනයක් වුවත් බිලියන 10 ක් වුවත්, ණය ගෙවීම සඳහා ඩොලර් මිලියනයක් හෝ සොයා ගැනීමට හැකියාවක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.
විධිමත් ලෙස බැංකු පද්ධතිය හරහා මෙරටට මුදල් එවන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සියලුම විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටී.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනට සපයා ඇති ආරකෂාව වැඩි කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.
Page 165 of 554