නීතිය හා සාමය ආරක්ෂා කිරීමට පොලීසිය යොදවනවා වෙනුවට ආරක්ෂක හමුදාව යෙදවීම භයානක තත්ත්වයක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පැවසුවේ එම තීරණය හේතුවෙන් පවතින ගැටළු උග්‍ර වුවහොත් එහි වගකීම එම තීරණ ගත් පිරිස භාරගත යුතු බවයි.
ඉදිරියේදී බිහිකිරීමට යෝජිත ජාතික සමගි අන්තර්වාර ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරයට හිටපු කථානායක කරූ ජයසූරිය මහතාව පත්කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති යෝජනාවට ආණ්ඩුවේ පාර්ශ්වයෙනුත් යහපත් ප්‍රතිචාර ලැබී ඇති බව ආරංචිමාර්ග පවසයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර ඇති බවක් ඊයේ (08) රාත්‍රියේදී ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණු අතර පසුව එම පුවත ඔවුන් විසින්ම ඉවත් කරගෙන තිබිණි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සිය ධුරයෙන් ඉවත්වීමට නියමිත බව වාර්තා වනවා. ඒ අනුව නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කළ යුතු මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ නම් විවිධ පාර්ශව මේ වනවිටත් යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ.
Weerawansa faults Mahinda and Johnston for inciting supporters; Gammanpila decries State terrorism
වත්මන් අර්බුද සියල්ලටම වගකිව යුතු ප්‍රධාන පුද්ගලයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා පවසනවා. ඒ නිසා රාජපක්ෂ මහතා ජනාධිපති පුටුවේ සිටින තාක් බිහිකරන සර්ව පාක්ෂික හෝ අන්තර්කාලීන හෝ කිසිදු ආණ්ඩුවකින් ජනතා බලාපොරොත්තු ඉටුකළ නොහැකි බවයි දිසානායක මහතා සඳහන් කරන්නේ.
UNP Leader and former Premier Ranil Wickremesinghe yesterday condemned attacks on peaceful protestors and insisted the entire the Government must resign.
සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජනබලවේගයෙන් සහ ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලීමක් කරනවා.
Page 165 of 551