Thursday, April 18, 2024
Follow Us
“මේක කටු ඔටුන්නක්”

වැඩ භාරගනිමින් හරින් කියපු කතාව


21 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු සියලු දෙනා සහය ලබා දෙනු ඇතැයි අපේකෂා කරන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

අද සිය අමාත්‍යංශයේ වැඩකටයුතු භාර ගැනීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ රට ස්ථාවරත්වයට පත්වීමට 21 වන ව්‍යවස්ථාව අත්‍යවශ්‍ය සාධකයක් බවයි.

රට ආර්ථික සහ දේශපාලන වශයෙන් අර්බුදයට පත්ව ඇති අවස්ථාවක පක්ෂ පාට භේදයකින් තොරව රට ගොඩගැනීමේ අරමුණින් අමාත්‍යධූර භාර ගත් බවද හරීන් ප්‍රනාන්දු මෙහිදී පැවසීය.

(Aruna)