Monday, September 21, 2026
Follow Us
සැප්තැම්බර් 22 සහ 23 යන දිනවලට අදාළව පාර්ලිමේන්තු කටයුතුවල වෙනසක්
සැප්තැම්බර් 22 සිට 25 දක්වා පැවැත්වීමට නියමිත මීළඟ පාර්ලිමේන්තු සතියේ, සැප්තැම්බර් 22 සහ 23 යන දිනවලට අදාළව පාර්ලිමේන්තු කටයුතුවල වෙනසක් සිදු වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
 
නියෝජ්යව කථානායක වෛද්යම රිස්වි සාලි මහතාගේ ප්රීධානත්වයෙන් අද (21) රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම කටයුතු තීරණය වී ඇත.
මේ අනුව, සැප්තැම්බර් 22 අඟහරුවාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා විවාදයට ගැනීමට තීරණය වී තිබූ අපනයන කෘෂිකර්මාන්තය ප්ර්වර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනි වර කියවීම), සැප්තැම්බර් 23 බදාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා විවාදයට ගැනීමට තීරණය වී ඇත.
සැප්තැම්බර් 23 බදාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට තීරණය කර තිබූ ශ්රී. ලංකා වරලත් මාධ්ය වෘත්තිකයන්ගේ ආයතනය පනත් කෙටුම්පත ඉදිරිපත් නොකිරීමට තීරණය කර ඇති බව ද පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය පැවසුවාය.
එමෙන්ම, සැප්තැම්බර් 23 වැනිදා විදුලි බිල්පත් සම්බන්ධයෙන් මහජනයා වෙත සහන ලබාදීම සඳහා රුපියල් මිලියන 17,213 ක මූල්ය මය සහනාධාරයක් ලබා දීම සඳහා වූ පරිපූරක ඇස්තමේන්තුව අනුමත කිරීමට ද නියමිතය. මෙම පරිපූරක ඇස්තමේන්තුව 2026.09.22 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම පරිපූරක ඇස්තමේන්තුව සඳහා අවශ්යක ප්රසතිපාදන වෙන් කරනු ලබන්නේ, 2026 වර්ෂය සඳහා රේඛීය අමාත්යාංමශ (Line Ministries) වෙත වෙන් කර ඇති නමුත්, වසර අවසානය දක්වා උපයෝජනය නොවන බවට හඳුනාගෙන ඇති ප්රසතිපාදන මගිනි. ඒ අනුව, මෙම ප්රබතිපාදන මාරු කිරීම 2025 අංක 23 දරන විසර්ජන පනත මගින් අනුමත කරන ලද සමස්ත වියදම් සීමාවට හෝ රජයේ උපරිම ණය ගැනීමේ සීමාවට කිසිදු බලපෑමක් ඇති නොවන පරිදි සිදු කෙරේ.