Thursday, January 01, 2026
Follow Us
ඇමතිධුර ගත් මන්ත්‍රීවරුන්ගෙන් සජබය නිදහසට කරුණු විමසයි

ඇමති ධුර භාරගත් සිය මන්ත්‍රීවරුන් දෙදෙනා සම්බන්ධයෙන් නිදහසට කරුණු විමසීම ආරම්භ කර ඇති බවත් ඔවුන් ඊට දක්වන ප්‍රතිචාරය මත ඉදිරි කටයුතු සිදුකරන බවත් සමගි ජනබලවේගය පවසනවා.

කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මේ බව ප්‍රකාශ කළා.

හරීන් ප්‍රනාන්දු සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා ලෙස සහ මනූෂ නානායක්කාර කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.

(Neth)