Thursday, January 01, 2026
Follow Us
ජොන්ස්ටන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව යයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාරේලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනානන්දු මීට නොබෝ වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබෙනවා. ඒ, පැය හතර හමාරකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුවයි.



ඉකුත් මැයි 09 වනදා ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මන්ත්‍රීවරයාගෙන් එම ප්‍රකාශය ලබාගෙන තිබෙනවා.

(Neth)