Sunday, April 12, 2026
Follow Us
සජබ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වෙයි

හරීන් සහ මනූෂ ගැන ගත් තීරණය


සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය 24 පස්වරුවේ රැස්ව තිබේ.

එහිදී ආණ්ඩුව සමග සම්බන්ධ වූ හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් පක්ෂය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡාවී ඇත.

එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සදහන් කළේ පක්ෂ සාමාජිකත්වය අහෝසි සදහා වූ ලිපි අදාළ මන්ත්‍රීවරුන්ට යොමු කළ බවයි.

පක්ෂ ව්‍යවස්ථාව අනුව, පක්ෂයේ තීන්දුවලට විරුද්ධව කටයුතු කරපු නිසා ඒ අයගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවලා තියෙනවා.
අපි එයාලට කියලා තියෙනවා නිදහසට කරුණු දක්වන්න කියලා.
ඉදිරියේදී එයාලා දෙන උත්තරේ අනුව පක්ෂය අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා.

(Aruna)