අමාත්‍ය ධුර, වරදාන වරප්‍රසාද වෙනුවෙන් සමගි ජනබලවේගයේ ඇතැම් මන්ත්‍රීවරුන් තම පෞද්ගලික මතය අනුව කටයුතු කරමින් ආණ්ඩුවට එක්වීමට වුවද හැකියාවක් ඇතැයි එම පක්‍ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරට පත්වූයේ නීත්‍යනුකූලව බව එජාප මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසනවා. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරට පත්වීම නීතිවිරෝධී ක්‍රියාවක් හා සම්ප්‍රදාය කඩ කිරීමක් ලෙස ඇතැම් පාර්ශ්ව ප්‍රකාශ කළද සියල්ල සිදුවූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බවද ලේකම්වරයා පවසනවා.
The remaining Cabinet ministers of the new government will be sworn in today by President Gotabaya Rajapaksa, Daily Mirror learns.
අද (20) උදෑසන 10.00ට නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් 10 දෙනෙකු දිවුරුම් දීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
මැයි 09 වනදා සාමකාමී ගෝල්ෆේස් අරලයට මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන්ගෙන් එල්ල වූ ප්‍රහාරය වළක්වාගත හැකිව තිබියදී එය සිදු නොකර සිටීමට අණදී ඇත්තේ පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා විසින් බවට හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම හිටපු කැබිනට් ප්‍රකාශකවරයෙකු ද වන රමේෂ් පතිරණ මහතා චෝදනා කළේය.
තමන් කරන දේශපාලනය නිසා තම දරුවන්ටත් වන්දි ගෙවීමට සිදුව ඇති බවත් කිසිදු දේශපාලනයක් නොකරන තම පුත්‍රයාගේ නිවසටත් ගිනිතබා ඇති බවත් හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ගෝල්ෆේස් අරගල භූමියට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 06 දෙනෙකුගෙන් අද (19) දිනයේදී ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිතව තිබේ.
නාරාහේන්පිට පොලිස් ඉන්ධන පිරවුම්හලෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධි සුඛෝපභෝගී වාහන සඳහා ඉන්ධන නිකුත් කරන ආකාරය ඊයේ (18) රාත්‍රියේ සිරස මාධ්‍ය ජාලය වාර්තා කර තිබිණි.
තම දේශපාලන ඉතිහාසය තුළ එකදු අවස්ථාවක හෝ පොලිස් පොතක තමන්ගේ නම ලියැවී නොමැති බවත් පවසන හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා එසේ ලියැවී ඇත්නම් එය ඔප්පු කරන ලෙස අභියෝග කරයි.
Page 164 of 554