කිසිසේත්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවට එකතු නොවන බවත් ජනතාව ඉල්ලා සිටින්නේ මෙවැනි දේශපාලන ගේම් නොවන බැවින් තමන් ජනතාවගේ පැත්තේ සිටගන්නා බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.
නව අග්‍රාමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරු 6.30ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට කොන්දේසි විරහිතව සහය ලබාදෙන බව ආණ්ඩුවෙන් ඉවත්ව ඉකුත්දා පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂ 10 ක් පවසනවා. කිසිදු වරප්‍රසාදයක් ලබානොගෙන රට වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා ගෙන යන වැඩ පිළිවෙලට සහය ලබාදෙන බවයි එම කණ්ඩායමේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ පැවසුවේ.
SJB to write to President with proposal today
Reiterates they will not form Government as long as GR remains in office
Sajith says ready to accept responsibility but will not work with crisis instigators
President says all efforts will be made to restore political stability through consensus, within constitutional mandate
Political uncertainty continues with no PM, Cabinet for over 24 hours
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුල රටින් පිටව නොයන බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.
වත්මන් දේශපාලන අර්බුදය හා අරාජිකත්වය නිම කරමින් රට නව මඟකට ගැනීමේ වගකීම භාරගැනීමට ජාතික ජන බලවේගය සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමෙන් පසු පාර්ලිමේන්තුව රැස්කළ යුතු බවයි කථානායකවරයා ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත්තේ.
Page 164 of 551