ජනතාව පීඩාවට පත්ව ඇති සමයකදී වුවද අමාත්‍යවරුන්ට ලැබෙන වරප්‍රසාද සම්බන්ධයෙන් විවිධ වාර්තා පළවනවා. ඒ අනුව අමාත්‍යවරයෙකුට හිමිවන වරප්‍රසාද සම්බන්ධයෙන් නෙත් නිවුස් සොයා බැලීමක් කළා.
2010 වසරේ මැයි මස 14 වන දින ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් අමාත්‍යංශ ලේකම්වරුන් වෙත නිකුත් කර ඇති චක්‍රලේකයට අනුව අමාත්‍යවරයෙකුට හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට පෞද්ගලික ලේකම්වරයෙක්, සම්බන්ධීකරණ ලේකම්වරුව් දෙදෙනෙක් ඇතුලුව 15 දෙනෙකුගෙන් යුත් කාර්්‍යය මණ්ඩලයක් හිමි වනවා.
ඊට අමතරව අමාත්‍යවරයෙකුට හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට හිමිවන නිළ වාහන සංඛ්‍යාව 03 ක්. ඊට මාසික ඉන්ධන දීමනාවක් ද ඇතුලත්. කෙසේවෙතත් එක් අමාත්‍යවරයෙකු අමාතයංශ දෙකක් දරන්නේ නම් එම සංඛ්‍යාව දෙගුණ වනවා.
බස්නාහිර පළාතෙන් පිටත භාවිත කරන පෙට්‍රල් වාහනයක් සඳහා ලීටර් 750 ක්ද, බස්නාහිර පළාත තුළ ධාවනය කරන එම වාහනයකට ලීටර් 600 ක් හිමියි. බස්නාහිර පළාතෙන් පිටත ඩීසල් වාහනයක් සඳහා ලීටර් 600 ක ඉන්ධන දීමනාවක් හිමිවන අතර බස්නාහිර පළාත තුළ ඩීසල් වාහන සඳහා ලැබෙන ඉන්ධන ප්‍රමාණය ලීටර් 500 යි.
දුරකථන 07 ක්ද එක් අමාත්‍යවරයෙකුට හෝ නියෝජ්්‍ය අමාත්‍යවරයෙකුට හිමිවනවා. කාර්යාල සඳහා දුරකථන 02 ක්, නිවාස සඳහා දුරකථන 02 ක්, ජංගම දුරකතනයක් මෙන්ම කර්යාලය සඳහා ෆැක්ස් යන්ත්‍රයවක් සහ දුරකථන සබඳතාවක් හිමි වන බවයි අදාල චක්‍රලේඛයේ සඳහන් වන්නේ.
කාර්යාල දුරකථන දෙක සඳහා රුපියල් 20,000 ක්, රාජකාරී නිවාස දුරකථනය සඳහා රුපියල් දස දහසක් සහ ජංගම දුරකථනය සඳහා රුපියල් 10,000 ක දීමනාවක් ද හිමිවනවා. පෞද්ගලික කාර්යමණ්ඩලය සඳහා හිමිවන දුරකථන සංඛ්‍යාව 14 ක්.
කෙසේවෙතත් වත්මන් නව අමාත්‍ය මණ්ඩලය පත්කරන අවස්ථාවේ ප්‍රකාශ වුණේ නව අමාත්‍යවරුන්ට වරප්‍රසාද ලබාදෙන බවයි.
Neth