කිසිදු රාජ්‍ය ආයතනයක් මඟින් නඩත්තු කටයුතු සිදු නොකරනු ලබන ඇළ මාර්ග බොහොමයක් කොළඹ උතුර හා කොළඹ නගරය ආශ්‍රිත ජනාකීර්ණ ප්‍රදේශවල පිහිටා තිබේ. එබැවින්, එලෙස නඩත්තු කටයුතු සිදු නොවන ද්විතීයික ඇළ මාර්ග පිරිසිදු කිරීමට හා නඩත්තු කිරිමට මෙන් ම කොළඹ නගරය ආශ්‍රිත ප්‍රධාන ඇළ මාර්ගයන්හි පිරිසිදු කිරීමේ වාර ගණන වැඩි කිරීම සඳහා "Clean Sri Lanka" වැඩසටහන යටතේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව, "Clean Sri Lanka" වැඩසටහන යටතේ පහත සඳහන් අරමුණු සහිතව, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
* වැසි ජලයෙන් කොළඹ නගරය යට වීම පාලනය කිරීම හා එමඟින් මහජනතාව පීඩාවට පත් වීම අවම කිරීම.
* පිරිසිදු, ප්‍රසන්න හා සෞඛ්‍යාරක්ෂිත පරිසරයක් පවත්වා ගැනීම.
* මහජනතාවගේ සෞඛ්‍ය හා ජීවන තත්ත්වය ඉහළ නැංවීම.
* නගරය කෙරෙහි සංචාරකයන්‌ගේ ආකර්ෂණය වැඩි කිරීම.
* අභ්‍යන්තර ජල මාර්ග හා ජල රැඳවුම් තටාකවල ජලයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම.