Thursday, September 18, 2025
Follow Us
21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගැන පක්ෂ නායක රැස්වීමේදී පොදු එකඟතාවයක්

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වන පක්ෂ නායක රැස්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් අද (27) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලය දි පැවැත්වුණා.

මෙම රැස්වීමේ අරමුණ වූයේ සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් පක්ෂ නායකයින්ට සිය නිරීක්ෂණ හා යොජනා ඉදිරිපත් කිරීමට ඉඩ සැලසීමයි.

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හැකි ඉක්මනින් සම්මත කළ යුතු බවට පොදු එකඟතාවකට පැමිණියා.

දෙමළ ජාතික සන්ධානයට අද රැස්වීමට පැමිණීමට නොහැකිවීම හේතුවෙන් ඔහුනගේ සහාභගිත්වය සමග ලබන සිකුරාදා (3) අවසන් රැස්වීමක් පවත්වා කෙටුම්පත අවසන් කිරීමට එම සාකච්ඡාවේදි තීරණය විය.

මෙම සතිය තුළ කිසියම් පාර්ශ්වයකට වැඩිදුර පැහැදිලි කිරීම් ලබා ගැනීමට අවශ්‍ය නම් අධිකරණ අමාත්‍යවරයාගෙන් ඒ පිළිබඳව කරුණු විමසීමට හැකි බව ද අග්‍රාමාත්‍යවරයා නිවේදනය කළේය.


Neth