විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර යන හිටපු අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කුඩා පක්ෂ 10 කණ්ඩායම අද (16) පෙරවරු 10.00 ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
රට හමුවේ පවතින අර්බුද විසඳීම සඳහා පාර්ලිමේන්තුවේ කණ්ඩායමක් නොව මන්ත්‍රීවරුන් සියලුදෙනා මේ මොහොතේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කළ යුතු බව එක්සත් ජාතික පක්‍ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත්‍රීවරු පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට තීරණය කර ඇති බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා. නිමල් සිරිපාලද සිල්වා, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ජගත් පුෂ්පකුමාර සහ ලසන්ත අලගියවන්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙලෙස අග්‍රාමාත්‍යවරයාට සහය දැක්වීමට තීරණය කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.
සමගි ජන බලවේගයේ විශේෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද පැවැත්වෙනවා. නියෝජ්‍ය කථානායක ධූරය සදහා සමගි ජන බලවේගයෙන් නම් දෙකක් යෝජනා වී ඇති අතර ඒ සම්බන්ධයෙන් මෙහිදී අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සදහන් කළේ.
රනිල් වික්‍රමසිංහගේ 113 සාදා ගැනීම වෙනුවෙන් මන්ත්‍රීවරු මුදලට බා ගැනීම ආරම්භ වී ඇති අතර දැනට වට්ටම රු.කෝටි 10ක් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසුවේය.
Whilst stating that no one in Samagi Jana Balwegaya would accept ministerial posts in the government which is to be formed by new Prime Minister Ranil Wickremeisnghe, Samagi Jana Balwegaya (SJB) today challenged the incumbent premier to show a majority in Parliament.
ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගත හැකි තැනැත්තා අගමැතිවරයා ලෙස පත් කිරීමේ හැකියාව ජනධිපතිවරයා සතුව තිබුණද රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වීම තුළ පෙනුම් කරන්නේ උඩින් රනිල් යටින් බැසිල් බව යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පැවසුවේය.
එක්සත් ජාතික පක්ෂයේ ඉදිරිපෙළ නායකයින් පස් දෙනෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් පත්කර ගැනීම සඳහා සූදානමක් පවතින බව ආරංචිමාර්ග පවසයි.
අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ (12) දහවල් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යැවූ ලිපියට ජනාධිපතිවරයා පිළිතුරු ලිපියක් යොමුකර තිබේ.
Page 163 of 551