Thursday, July 10, 2025
Follow Us
විමලවීර දිසානායකට යන එන මං නැතිවෙයි

හිටපු ඇමති ඉන්දියාවෙන් ආරක්ෂාව ඉල්ලයි


තමා සහ තම පවුලේ සාමාජිකයන් ඉන්දියාවට රැගෙන ගොස් ආරක්ෂාව ලබා දෙන්නැයි හිටපු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන බව පවසයි.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තවමත් නිසි ආරක්ෂාවක් සපයාදී නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සපයාදී ඇති ආරක්ෂාව ගැන තමා කිසිසේත්ම සෑහීමට පත් නොවන බවත් ඔහු සඳහන් කළේය.

දේශපාලනයෙන් එක සත පහක් උපයාගෙන නොමැති තමා ඉතා දුක් මහන්සියෙන් හරිහම්බ කරගත් සියලුම දේපළ ම්ලේච්ඡයන් පිරිසක් විසින් සම්පූර්ණයෙන්ම ගිනි තබා විනාශ කරනු ලැබූ හෙයින් තමා අද මේ රටේ යන එන මං නැති පුද්ගලයකු බවට පත්ව සිටින බවද ඔහු පැවසීය.

Aruna