Thursday, July 10, 2025
Follow Us
ශෂී වීරවංශට ඇප අද නෑ හෙට

ශෂී ගේ ඇප ගැන නීතිපති ස්ථාවරය කියන්නැයි නොතීසි


වසර දෙකක සිරදඬුවම් නියම වී සිටින ශෂී වීරවංශට ඇප ලබා දෙන ලෙස කළ ඉල්ලීම සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරන ලෙස අද (30) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නීතිපතිවරයාට නොතිසි නිකුත් කරනු ලැබීය.

සිය සේවා දායිකාව අභියාචනයක් ඉදිරිපත්කර ඇති බැවින් ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ඇයගේ නීතීඥයින් විසින් ගොනුකර තිබුණු ඉල්ලීම අද සලකා බැලීමට නියමිතව තිබුණ ද නීතිපති ස්ථාවරයද සමග එය හෙට (31) දිනයේ සලකා බැලීමට නියම කළේය.

ශෂී වීරවංශට සිරදඩුවම් නියම කරමින් ඉකුත් සිකුරාදා තීන්දුව ප්‍රකාශයටපත්කිරීමත් සමඟ ඇඟෙ නීතීඥවරුන් අභියාචනයක් ඉදිරිපත් කළ අතර එම අභියාචනය විභාගකොට අවසන්කර තීන්දුව ප්‍රකාශයට පත්කරන තුරු ඇයට ඇප ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් ද කළේය.

Aruna