Thursday, January 01, 2026
Follow Us
මහින්ද, නාමල් ඇතුළු පිරිසක් මානව හිමිකම් කොමිසමට කැඳවයි

මැයි 09 වැනිදා ගෝඨාගෝ ගම විරෝධතාවයට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණවලට අදාලව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත කැඳවා තිබෙනවා. ඒ අදාල සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහායි.

රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු ඇමතිවරුන් මෙන්ම රමේෂ් පතිරණ අමාත්‍යවරයාද කැඳවා තිබෙනවා. ලබන බදාදා මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටින ලෙසයි දැනුම් දී තිබෙන්නේ.

මෙම පරීක්ෂණවලට අදාලව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සහ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහා ලබන බ්‍රහස්පතින්දා මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබේ.

LNW