ඇමතිගේ නිවස හදන්න අලුත්ම ව්‍යාපෘතියක්
පසුගිය මැයි 09 වන දින ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් වලට අදාළව ගිනිබත් වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරගේ හුණුපිටිය ප්‍රදේශයේ පිහිටි නිවස නැවත ගොඩනැගීම වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික් සහෘද එකමුතුව විසින් ” ලෙන්ගතුකමේ අත්වැල ” නමින් ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.
එම නිවසට අමතරව විරෝධතාකරුවන් විසින් අමාත්‍යවරයාගේ කාර්යාලය,රජයට අයත් වාහන 04 සහ ආරක්ෂක නිලධාරීන්ගේ යතුරුපැදි 2 ක්ද සම්පුර්ණයෙන්ම විනාශ කර තිබේ.
එම සිදුවීම සිදුවී දින 20කට පසුව ඇමතිවරයා සහ ඔහුගේ බිරිඳ විනාශ වූ නිවස බැලීමට පැමිණි බවට තොරතුරු වාර්තා වේ.
එහිදී අදහස් දැක්වු හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර,
“අපි දෙන්න තනාගත්ත නිවස පෙට්‍රල් බෝම්බ ගහලා විනාශ කළා. මම බෙහෙවින්ම කනගාටු වෙන්නේ මගේ දරුවන්ගේ අධ්‍යාපන කරන්න තිබුණ පොත්පත් සියල්ල විනාශ කරලා දැම්මා. මගේ බිරිඳට ඇඳිවත විතරයි ඉතිරි වුණේ.”
එදින ප්රචණ්ඩත්වය වැපිරූ පුද්ගලයන්ට එරෙහිව නීතිවිරෝධී අයුතු ජනරාශිය, ගින්නෙන් අනර්ථයන් සිදුකිරීම, පහරදීම සහ බරපතළ තුවාල සිදුකිරීම, පොදු දේපළවලට හානි සිදු කිරීම, මංමාවත්වලට හානි සිදුකර ඇත්නම් ජාතික මංමාවත් පනත යටතේ සහ අධිකරණ නියෝගවලට පටහැනිව කටයුතු කර ඇත්නම් ඊට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කරනු ඇත.
Aruna