Thursday, July 10, 2025
Follow Us
එකම විසඳුම පාර්ලිමේන්තුවේ 225ම ඉල්ලා අස්වී ඡන්දයකට යෑමයි – සුමන්දිරන්

රටේ පවතින ආර්ථික හා දේශපාලන අර්බුදවලට එකම විසඳුම පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් ඉල්ලා අස්වී මැතිවරණයකට යෑම බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා පවසයි.

බහුතර ජනතාව වත්මන් ජනාධිපතිවරයාවත් අගමැතිවරයාවත් ප්‍රතික්ෂේප කරන පසුබිමක් තුළ තවදුරටත් ඔවුන් එම තනතුරුවල රැඳී සිටිමින් රට ගොඩගැනීමට දරණ කිසිදු ප්‍රයත්නයකින් ඵලක් නොමැති බවයි ඒ මහතා සඳහන් කළේ.

එමෙන්ම වත්මන් ආණ්ඩුව ආණ්ඩුවක් ලෙසින් පිළිගත නොහැකි බවත් එසේ පිළිගැනීමට කිසිදු හේතුවක් නොමැති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

එම්. ඒ. සුමන්දිරන් මහතා මේ බව පැවසුවේ ඊයේ (29) යාපනය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

LNW