Thursday, January 01, 2026
Follow Us
පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම අද රැස්වෙයි

21 ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අද (30 )පැවැත්වීමට නියමිතව තිබේ.

අද පස්වරු 5.00ට ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් එය ආරම්භ වනු ඇත.

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මෙහිදී සාකච්ජා කිරීමට නියමිතයි.

21 වන සංශෝධනය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරිම සඳහා සිය පක්ෂය නීතිඥවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ.

Aruna