Thursday, January 01, 2026
Follow Us
21ට ශ්‍රීලනිපෙ සහාය

හෙට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික සකාච්ඡාවක්ද


21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සාකච්ඡාවක් අද පැවැත් වුනේ ඩාර්ලි පාරේ පිහිටි නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදීය.

මේ අතර ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලිය පිළිබඳව ආණ්ඩුවෙන් ස්වාධීන වු පක්ෂ 09 යේ නායකයින් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් (26) අරලියගහ මන්දිරයෙදී පැවැත්වුණි.

අද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික සකාච්ඡාවක්ද පැවැත්වීමට නියමිතය.

Aruna