දැඩි ආරක්ෂාව මැද රන්ජන් රැගෙන එයි
රන්ජන් රාමනායක ගෙන් මිලියන 1000ක වන්දියක් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් ලන්සා විසින් මීගමුව දිසා අධිකරණයේ පවරා ඇති නඩුව සැප්තැම්බර් මස 30 දින දක්වා කල්තැබීමට දිසාවිනිසුරු එන්.ටි. හිනටිගල අද (27දා) නියෝග කළේය.
2014 මාර්තු මස 26 දින මිගමුව ලෙයිටන් පාර්ක් හි පැවති එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක රැලියකදී රන්ජන් රාමනායක සිදුකළ ප්‍රකාශයකින් තමන්ගේ කිර්තිනාමයට සිදුවූ බව කියන අපහාසය වෙනුවෙන් වන්දි ඉල්ලා නිමල් ලන්සා මන්ත්‍රීවරයා විසින් මීගමුව දිසා අධිකරණයේ මෙම නඩුව පවරා ඇත.
නඩුව ඉදිරිපත් කිරීම සදහා රන්ජන් රාමනායක අද (27දා) මිගමුව දිසා අධිකරණය වෙත වැලිකඩ බන්ධනාගාරයේ සිට දැඩි ආරක්ෂක රැකවල් මැද රැගෙන එනු ලැබිය.
පැමිණිලිකාර නිමල් ලාන්සා මන්ත්‍රීවරයා පෞද්ගලික හේතුවක් මත අද දිනයේ අධිකරණය වෙත පැමිණ නොතිබුණි.
Aruna