Wednesday, July 09, 2025
Follow Us
පාර්ලිමේන්තු මන්ත්‍රීන් සියළු දෙනා සිරකිරීමේ ජවිපේ සැලැසුමක්

ආණ්ඩුව වෙනස් කරන සැලසුම ලාල්කාන්ත හෙලිකරයි


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ සිරකර , ඒ ඔස්සේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලපෑම් කර මැතිවරණයක් ලබා ගැනීමට ළගදීම අරගලය මෙහෙයවන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත පවසනවා.

ගෝඨා ගෝ හෝම් ලෙස ඇති ගෝල්ෆේස් අරගලයේ සටන් පාඨය වහාම මැතිවරණයක් ඉල්ලන තැනට වෙනස් විය යුතු බවත් ආණ්ඩුවට මැතිවරණයක් පැවැත්වීමට මුදල් නැතිනම් තමන්ගේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ සේවකයින් නොමිලේ යොදවා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවත් ඔහු පවසයි.

ලාල්කාන්ත මේ බව ප්‍රකාශ කර සිටියේ එප්පාවල, කටියාව යාය 07 ප්‍රදේශයේ පැවති ජනහමුවකදී අදහස් දක්වමිනි.

‘‘ඊළඟ අරගලයේ තැන මම කියන්නම්, මේ කියන්නේ පාර්ලිමේන්තුවේ අයටත් භය වෙන්නත් එක්ක.භය වෙනවා නම් භය වෙයල්ලා. පාර්ලිමේන්තුව ඇතුළට ගිය එවුන් එකෙකුටවත් එන්න දෙන්නේ නෑ,එළියට එන්න ඕන උඹලා පාර්ලිමේන්තුව විසුරුවලා, ජනතාවට ඡන්දයක් දෙන්න ලෑස්ති වෙලා.ලෑස්ති වෙලා හිටපල්ලා එදාට, මේ අරගලය එතන්නට ගෙනයනවාමයි , ඒ නිසා රනිල් වික්‍රමසිංහටත් අපි කියනවා, ඔය අගමැතිකම වැඩිකල් කරන්න වෙන්නේ නෑ, ගෝඨාටත් කියනවා ඔයාගේ ජනාධිපතිකම කරන්න වෙන්නෙත් නෑ,

රනිල් වික්‍රමසිංහට කියන්න තියෙන්නේ ඔයා ගේන අයවැය ඔයාම තියාගන්න, ඒක රෝල් කරලා අහ් කර ගන්න.කවුරුත් සූදානම් වෙන්න ලඟම දවසක් එනවා පාර්ලිමේන්තු ගියාට පස්සේ අපහු එන්න වෙන්‌නේ නෑ, පාර්ලිමේන්තුව විසුරුවලා ජනතාවට ඡන්දයක් නොදී .

ඔන්න දැන් මහජන බැංකුවෙයි, ලංකා බැංකුවෙයි කොටස් ටික විකුණනන්න හදනවා ඩොලර් වලට, ලංකා බැංකුවේ මහජන බැංකුවේ ඉන්න සියලු සේවකයින්ට අපි කියනවා ඔයාලා තාම මේක දැක්කේ නෑ, රනිල් ලඟදී ගේනවා අලුත් අයවැයක්, ඒ අයවැයේ තියෙන්නේ මෙතෙක් අලෙවි කරන්න බැරි වෙච්ච, ඉඩම්, ආයතන, ආයතන වල කොටස්, සේවාවවන්, ඒ ඔක්කොම කොටස් කරලා විදේශ රටවලට විකුණනවා ඩොලර් වලට, අපිට ගෙනල්ලා දෙනවා තෙල්, රනිල් අගමැති වෙලා එළියට බහිනකොටම කිව්වේ මම එන්නේ තෙල් ටික ගෙනත් දෙන්න, ගෑස් ටික ගෙනත් දෙන්න, විදුලිය දෙන්න කියලා. ඇයි එපාද? ආපදාව පාවිච්චි කරනවා ඒ ගොල්ල මෙච්චර කල් කරගෙන ආපු වැඩේ කරන්න. ඊළඟට කියනවා එයාර් ලංකා එක පාඩුයි, ඇත්ත, කවුද පාඩු කලේ, ජේ.වී.පී කාරයෝද? මේ ගම්වල ඉන්න මිනිස්සුද? ආයතන පාලනය කලේ අපිද?

හරීන්ලටත් කියන්නේ නිකං බයිලා ගහන්න එපා, ගියා නම් නම්බුකාර පිට කියන්න ගියා කියලා.තාම නායකයා සජිත්ලු, අපි මේ මේක දාලා ගියේ මේක හදන්න තියෙන බොක්ක උණු වෙලාලු, ගියා නම් ගියා.පක්ෂයක තීරණයක් තියෙනවා නම් ආණ්ඩුවට යන්නේ නෑ කියලා, ඒක තමයි තීරණය.ගියා නම් ගියා, කවුරු හරි කියනවා නම් ම‌ට ජනතාව ගැන අනුකම්පාව ඇති වුණා, බොක්ක උණු වෙලා වැක්කෙරෙන්න පටන් ගත්තා ඒ හින්දා මම ස්වාධීන වෙලා ගියා.ඒවා බොරු බයිලා, මේවා මිනිස්සු දැකලා තියෙනවා.හරීන්ලා, මනූෂලා පක්ෂයේ ප්‍රථිපත්ති කඩලා ගිහින් තියෙන්නේ.

රටේ මේ තියෙන ප්‍රශ්න වලට උත්තර හම්බෙන්න, දේශපාලන ස්ථාවරයක් ගේනනන, පාර්ලිමේන්තුව විසුරුවලා, ඡන්දයක් තියලා අලුත් ආණ්ඩුවක් හදන්න අවශ්‍යයි.අලුතින් එන ආණ්ඩුව කවුරු ආවත්, හොරකම- දූෂණය-වංචාව නොකරන ආණ්ඩුවක් වියයුතුයි.ආයේ මේ රටේ බෑ ඒවා, ජනතාව දැන් අවදියෙන් ඉන්නේ, පුරවැසි අරගලයක් ආරම්භ වෙලා තියෙන්නේ, ඒක දොලොස්මහේ පහන වගේ.දැන් මුළු රටම පෙලගස්වන්න අවශ්‍යයි පාර්ලිමේන්තුව විසුරවපල්ලා, පාර්ලිමේන්තු මැතිවරණයක් දීපල්ලා කියලා.එතකොට කියනවා සල්ලි නෑ කියලා, සල්ලි නෑ කියන්නේ මේ පාලකයෝ.සල්ලි නැති කථාව කියන්නේ රනිල් වික්‍රමසිංහ, ගෝඨාභය, මහින්ද රාජපක්ෂ, පාර්ලිමේ්නතුවේ ඉන්න අය.එයාලට දිගටම ඉන්න අවශයයි, ජනතාවත් මේක ගලලා ඉන්නේ.ඡන්ද තියන්න සල්ලි තියනවා. මැතිවරණ රාජකාරී නොමිලේ කරන්නම් කියනවා රජයේ සේවකයෝ, අපේ වෘත්තීය සමිති ව්‍යාපාරය භාර ගන්නවා රජයේ සේවකයෝ හරහා නොමිලේ කරන්නම් මැතිවරණ රාජකාරී.

ගෝල්ෆේස් අරගලය ගෝඨා ගෝ හෝම් එච්චරයි එතනින් එහාට නෑ, .අපි කියනවා ගෝල් ෆේස් අරගලයටත් දා ගන්න වහාම මැතිවරණයක් ඉල්ලලා.රටේම ජනතාව මැතිවරණයක් ඉල්ලන්න අවශයයි.ඒ මැතිවරණයේදී 74 වසරක ශාපය ඉවර කල යුතුයි.මේ අලුත් වෙනස ආරම්භ කරන්න වෙන්නේ අපිට අලුත් පාර්ලිමේන්තුවක් ගෙනල්ලා.දැන් සටන් පාඨය කර ගන්න පාර්ලිමේන්තු මැතිවරණයක් වහාම දීපල්ලා කියලා.ඊළඟ අරගලයේ තැන මම කියන්නම්, මේ කියන්නේ පාර්ලිමේන්තුවේ අයටත් භය වෙන්නත් එක්ක.භය වෙනවා නම් භය වෙයල්ලා.අපී තීරණයක් ගන්න ඔ්න, මේ ගොල්ල පාර්ලිමේන්තු යන දවසක් තියෙනවානේ, හෙට අනිද්දාට යද්දී නෙමෙයි.අපි තීරණයක් ගන්න අවශ්‍යයි රටේ සාකච්ජා කරලා දිනය ප්‍රසිද්ධියේ. මාසෙකින් කියන්නකෝ, හරි උඹලා පාර්ලිමේන්තුවට පලයල්ලා, අපි පාර්ලිමේන්තු පාරවල් ඔක්කොම වහනවා රටේ ජනතාව.යූ.එන්.පීද, ශ්‍රී ලංකාද, අරවාද, මේවාද,අර සංවිධානද, මේ සංවිධානද, ඔක්කොම ගිහින්, හාමුදුරුවරුද, මවුලවිතුමන්ලාද, කුරුක්කල්තුමන්ලාද, ඔක්කොම ජාතික වශයෙන් ගිහින්, පාර්ලිමේන්තුව වහනවා.ඇතුළට ගිය එවුන් එකෙකුටවත් එන්න දෙන්නේ නෑ,එළියට එන්න ඔ්න උඹලා පාර්ලිමේන්තුව විසුරුවලා, ජනතාවට ඡන්දයක් දෙන්න ලෑස්ති වෙලා.ලෑස්ති වෙලා හිටපල්ලා එදාට, මේ අරගලය එතන්නට ගෙනයනවාමයි ,නැත්නම් මේ රටේ අනාගත පරම්පරාව ඉවරයි. ‘‘ යනුවෙන් කේ. ඩී. ලාල්කාන්ත පැවසීය.

Aruna