Thursday, July 10, 2025
Follow Us
චම්පික සජබේ නියෝජ්‍ය නායකයා වෙන කතාව අමු කෙප්පයක් – SJB මහලේකම්

පාඨලී චම්පික රණවක මහතා සමඟි ජන බලවේගයේ නියෝජ්‍ය නායකයා ලෙස පත්කිරීමේ සුදනමක්පවතින බවට පලවන වාර්තාවන්හි කිසිදු සත්‍යතාවක් නොමැති බව එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

සමඟි ජන බලවේගයේ වත්මන් නායකත්වයට පවතින දේශපාලන තත්ත්වයන් කළමනාකරණය කර ගත නොහැකි බව මතුකරමින් ඇතැමුන් පක්ෂයේ ගමන් මඟ වෙනතකට යොමු කිරීමට උත්සහයන් ගනිමින් සිටියදී හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මන්ත්‍රීවරු ආණ්ඩුවේ ඇමති ධූර ලබා ගනිමින් පවතින දේශපාලන අර්බුදයන් ගැන සමඟි ජන බලවේගයේ අභ්‍යන්තර මතවාදයන් මාධ්‍ය හමුවේ ආනාවරණය කිරීමත් සමඟ එයද ඊට රුකුලක් දී තිබුණි.

එහෙයින් ලද අවස්ථාවෙන් පාඨලී චම්පික රණවක මහතා සමඟි ජන බලවේගයේ ඉදිරිපෙළ නායකත්ව කණ්ඩායමට ඇතුල් කර ගැනීමේ සැලැස්මක් ඇති බවටයි වාර්තා වෙමින් තිබුණේ.

එහෙත් එවැන්නක් සිදු නොවන බව ඒ සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද ලංකා නිවුස් වෙබ් වෙත අවධාරණය කරන ලදී.

කෙසේවෙතත් අප මේ සම්බන්ධයෙන් සමඟි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන්ද විමසීමක් කළ අතර පක්ෂයේ නායකත්ව මණ්ඩලයේ එවැනි වෙනසක් සිදු නොවන බව ඔහුද සඳහන් කරන ලදී.

43 සේනාංකය ලෙස පාඨලී චම්පික රණවක මහතා ඇතුළු කණ්ඩායම ඔවුන්ට අනන්‍ය දේශපාලන ගමනකද නිරත වෙමින් සිටින අතර වරින් වර ආණ්ඩුවට සහය දැක්වීමේ කොළ එළිද දල්වමින් පසුවෙයි.

LNW