Friday, April 26, 2024
Follow Us
මැයි 09 වෙනිදා ප්‍රහාරය ගැන ජවිපෙ පොලිස්පති හමුවෙන්න සුදානම් වෙයි

ඉකුත් 09 වනදා පැවති නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් ඇතැම් මන්ත්‍රීවරුන් සිය පක්ෂයට එල්ලකරන චෝදනා පිළිබඳ පොලිස්පතිවරයා සමඟ සාකච්ඡාවක් සිදුකරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

හම්බන්තොට ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසුවේ ලබන සඳුදා පොලිස්පතිවරයා හමුවන බවයි.

මෙම සතියේ පාර්ලිමේන්තුව රැස්වුවද රට හමුවේ පවතින ආර්ථික ගැටළු පිළිබඳ අවධානය යොමු කිරීම වෙනුවට සිදුවූයේ සිය පක්ෂයට චෝදනා රැසක් එල්ලකිරීම පමණක් බවයි අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේ.

(Neth)