Thursday, January 01, 2026
Follow Us
තවත් කැබිනට් ඇමතිවරුන් 10ක් අද දිවුරුම් දෙයි

තවත් කැබිනට් අමාත්‍යවරුන් 10 දෙනෙකු අද පෙරවරු 10.00 ට දිවුරුම් දීමට නියමිත බව රජයේ ආරංචිමාර්ග පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද අමරවීර, ඊපීඩීපී පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්දා, ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ජීවන් තොණ්ඩමාන් ඇතුළු පිරිසක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිසක් මෙසේ අමාත්‍යවරුන් වශයෙන් දිවුරුම් දෙනු ඇති බව සඳහන්.

කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් වශයෙන් මෙතෙක් දිවුරුම් දී ඇති ගණන 13ක් වේ. ඒ අනුව අද දිනයේ දිවුරුම් දෙන ඇමතිවරුනුත් සමග කැබිනට් මණ්ඩලය 23ක් දක්වා ඉහළ යනු ඇති.

(LNW)