Saturday, April 20, 2024
Follow Us
මෛත්‍රීගේ තවත් 05ක් ආණ්ඩුවට එක්වන ලකුණු

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් පස් දෙනෙකු ආණ්ඩුවට එක්වනු ඇතැයි වාර්තා වනවා. මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර සහ චාමර සම්පත් දසනායක යන මන්ත්‍රීවරුන් එලෙස ආණ්ඩුවට එක්වීමට නියමිත බවයි වාර්තා වුණේ. ඔවුන්ගෙන් එක් අයෙකුට පමණක් කැබිනට් අමාත්‍ය ධූරයක් හිමිවනු ඇති බවටයි වාර්තා වුණේ. අනෙක් මන්ත්‍රීවරුන් සිව්දෙනාගෙන් තිදෙනෙකුට පමණක් රාජ්‍ය අමාත්‍ය ධූර හිමිවීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ්‍යෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ ඊයේ දිවුරුම් දුන්නා. වත්මන් ආණ්ඩුවේ තනතුරු භාර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණයක් ගෙන තිබෙන්නේදැයි පක්ෂයේ ජේ්‍යෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසගෙන් නෙත් නිවුස් විමසීමක් කළා.

අමාත්‍ය මණ්ඩලය ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ද ඇතුලුව 25 දෙනෙකුට පමණ සීමා කිරීමටයි ආණ්ඩුවේ අවධානය යොමුවී ඇත්තේ. අමාත්‍යවරුන් 23 දෙනාගෙන් 13 දෙනෙකු දැනටමත් දිවුරුම්දී අවසන්. කෙසේවෙතත් ශ්‍රී ලංකාව මේ වන විට දැඩි ආර්ථික අර්බුදයක පසුවුවද නව මුදල් අමාත්‍යවරයෙකු මේ දක්වා පත්කර නැහැ.

(Neth)