ජන අරගලයේ නිරත පිරිසගේ පැතුම් ඉටුකිරීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. දිවංගත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 29 වන ගුණ සමරුවට අද එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.
අන්තර්වාර ආණ්ඩුවක් පිළිබඳව ඇතැමුන් පැතිර වූ නාඩගමේ ඇත්ත අද වන විට හෙළිදරව් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් ශානක්කියන් මහතා ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ, පෙළපාලිවලට සහභාගී වීම වළක්වාලමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.
ජනාධිපතිවරයා නායකත්වය දෙන කැබිනට් මණ්ඩලයක් මගින් පවතින අර්බුදයට විසඳුම් ලබාගත නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. මහා සංඝරත්නය සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් පිරිසක් අතර ඊයේ රාත්‍රියේ කොළඹ පදනම් ආයතනයේදී පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මේබව කියා සිටියා.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට සියලු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව පක්ෂ එකොළහේ එකමුතුව පවසනවා. එහි සාමාජික කොමියුනිස්ට් පක්ෂයේ වැඩබලන සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ පැවසුවේ ඊට අදාළ සාකච්ඡා කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන බවයි.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද (29) දිනයේ පැමිණෙන ලෙස පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නායකයින්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරාධනා කර තිබුණ ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය – විමල් – ගම්මන්පිල – වාසුදේව යනාදී කුඩා පක්ෂ කණ්ඩායම වෙනමම ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට තීරණය කර තිබේ.
පවතින අර්බුදයට විසඳුමක් ලෙස අන්තර් කාලීන පාලනයක් පිහිටුවීම සම්බන්ධයෙන් මහා සංඝරත්නය සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර ඊයේ රාත්‍රියේ පැවැති සාකච්ඡාවේදී සාධනීය ප්‍රවේශයකට පැමිණීමට හැකිවූ බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී උන්වහන්සේ ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.
පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය වන අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟ වූ බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
අන්තර්වාර පාලනයකට එකග විය හැක්කේ රාජපක්ෂවරුන්ගෙන් තොර ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් පමණක් බව සමගි ජනබලවේගය පවසනවා. එම පක්ෂය කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න මේ බව කියා සිටියා.
SJB MP and Chief Opposition Whip Lakshman Kiriella told a press conference that his party will show a majority in Parliament next week.
මහින්ද රාජපක්ෂ මහතාව අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 60 දෙනෙකු සමග නාමල් රාජපක්ෂ මහතා විපක්ෂයට යෑමේ සැලැස්මක් ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
විශ්වාසභංග හෝ අන්තර්වාර ආණ්ඩු පිළිබඳ ගෙන එන යෝජනා කිසිවකට තමන් අත්සන් නොකරන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම පවසනවා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (29) පෙරවරුවේ පැවැත්වී ඇති බව වාර්තා වේ.
ලිහා දමන්නට හෝ කපා දමන්නට අමාරු ගැටවලට ශ්‍රී ලංකා ආර්ථිකය මුහුණ දී සිටින බවත් මෙහි අන්තිම ප්‍රතිඵලය ඊළඟ මාස කිහිපයේදී මීටත් වඩා දරුණු තත්ත්වයකට මුහුණ දීමට සිදු වීම යැයි ද හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් (28) සඳහන් කර සිටියා.
ඊයේ (29) පස්වරුවේ කොළඹ, පාසල් පටුමගේ නිවසක පැවති ඉෆ්තාර් උත්සවයකදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ වත්මන් මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා හමුවී තිබේ.
රට තුළ පවතින තත්ත්වය සහ ජන අරගලය හේතුවෙන් දේශපාලන පක්ෂ රැසක් මෙවර සිය මැයි දින සැමරුම් ඊට අනුරූපීව පැවැත්වීමට තීරණය කර තිබෙනවා. සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ සිය පක්ෂය මැයි දින සැමරුම කොළඹ නිදහස් මාවතේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ආණ්ඩුවේ සිට ස්වාධීන වූ පක්ෂ 11 හේ එකමුතුව අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. එම සාකච්ඡාවට සහභාගී වීම සඳහා එම පක්ෂ එකමුතුව තීරණයකට එළඹුනේ ඊයේ පස්වරුවේ පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.
Page 167 of 549