Thursday, January 01, 2026
Follow Us
සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක රිමාන්ඩ් කෙරේ

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද දුන් නියෝගය


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු මැයි මස 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද (18) නියෝග කර තිබේ.

පසුගිය 9 වනදා “ගෝඨා ගෝ ගම” සහ “මයිනා ගෝ ගම” යන අරගලවලට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොවුන් ඊයේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබේ.

(Aruna)