Wednesday, July 09, 2025
Follow Us
බැසිල් කකුලෙන් ඇද්දොත් හරීන් කරන්න යන දේ

කොන්දේසි 7ක් එක්ක හරීන් මනුෂ ගත්ත තීරණය


සමගි ජන බලවේගයේ ලාංඡනයේ සිට මැයි පෙළපාලිය දක්වා සියලු කටයුතු සිදුකළ තමන්ට මෙම තීරණය ගැනීමට ඉතා අපහසු වූ බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

එසේම සමගි ජන බල වේගයෙන් තමන්ට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකරන්නේ නම් එහිදී ප්‍රකාශ කිරීමට බොහෝ දේ ඇති බවයි විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කරා.

එමෙන්ම ඔහු සඳහන් කරේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනිවාර්යයෙන් ගෙන ඒමට පොරොන්දු වූ බැවින් තමා හා මනූෂ නානායක්කාර අමාත්‍ය ධුර භාරගත් බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඊට අමතරව තවත් කොන්දේසි 7ක් පිළිබඳව රනිල් වික්‍රමසිංහ
සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව අමාත්‍යධුරය භාරගැනීමට එකඟ වූ බවය.

මේ අතර එළඹෙන මාස 3 ඇතුළතදී තමන්ට නිසි පරිදි කටයුතු සිදුකිරීමට නොහැකි වුවහොත් හෝ බැසිල් රාජපක්ෂ කකුලෙන් ඇදීමක් සිදුකළහොත් අමාත්‍යධුරයෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කරන බවද අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වැඩිදුරටත් පැවසීය.

(Aruna)