Sunday, July 06, 2025
Follow Us
21 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද කැබිනට් මණ්ඩලයට

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද දිනයේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසනවා. අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලද විගස එම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගන්නා බවයි අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මඟින් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර දැරීමේ හැකියාව අහෝසි කිරීමටද යෝජනා කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා.

(Neth)