මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට එම පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වේ.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය යන දෙපාර්ශ්වය එකඟවන අයෙකු අග්‍රාමාත්‍ය ධුරය වෙනුවෙන් යෝජනා කරන ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට දැනුම් දී තිබිණි.
ජාතික ජනබල වේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා තේරීමේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන බව එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.
ස්ථාවර ආණ්ඩුවක් නුදුරේදීම ඇති නොවුන හොත් රට වසා දැමීමකට ඉඩ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ අනතුරු අඟවා ඇති බව BBC ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.
පාර්ලිමේන්තුවේදී ලබන 20 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමට අපේක්ෂකයෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපාද ඉදිරිපත් වීමට සූදානමින් සිටින බව වාර්තා වනවා.
The Sri Lanka Podujana Peramuna (SLPP) has decided to extend support to Interim President Ranil Wickremesinghe in the Parliamentary vote on July 20, which will elect a new President.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් පත්කිරීමට නියමිත බව වාර්තා වේ.
ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීමේදී ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අද දිනයේදී අවසන් තීරණයකට එළඹෙන බව සමගි ජන බලවේගය පවසනවා. එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිත සිය පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවයි.
මහ මැතිවරණයක් පවත්වන තුරු තාවකාලික ආණ්ඩුවේ අගමැති ධුරය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සුදුසු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. එම පක්ෂයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසන්නේ විපක්ෂ නායකයා විකල්ප ආණ්ඩුව ලෙස සලකන බැවින් ඔහුට ඒ අවස්ථාව හිමිවිය යුතු බවයි.
සමගි ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිධූරය සඳහා සිය පක්ෂවලින් නම් ඉදිරිපත් කර තිබෙනවා. ජනාධිපති ධූරය සඳහා එලෙස පක්ෂවලින් නම් ඉදිරිපත් කර ඇති පසුබිමක් තුළ නව ජනාධිපතිවරයා පත් කර ගැනීම යම් ගැටළු සහගත තත්ත්වයක පවතින්නේ නම් සිය පක්ෂයෙන් ද ජනාධිපතිධූරය සඳහා නමක් යෝජනා කරන බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසන්නේ.
ලබන සතියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම තියුණු මුහුණුවරක් ගනු ඇති බවට වාර්තා පල වනවා. ඒ සඳහා ඉදිරිපත් වන බවට ප්‍රකාශ කර ඇති අපේක්ෂකයින් ජයග්‍රහණය කරවීම සඳහා එම අපේක්ෂකයින්ට සහය දක්වන පාර්ශව මේ වන විට මෙහෙයුම් අරඹා ඇති බවයි වාර්තා වන්නේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය සම්බන්ධයෙන් අද දිනයේ නිල වශයෙන් ප්‍රකාශ කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා. විද්‍යුත් තැපෑල හරහා යොමු කර ඇති අදාළ ලිපිය කථානායකවරයා වෙත ඊයේ ලැබුණු බවයි කථානායක කාර්යාලය තහවුරු කළේ.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත දඬුවම් ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට ජනාධිපති සමාව ලබාදීමට සුදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.
Page 141 of 554