අද (20) දිනයේ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමෙන් ජයග්‍රහණය කර, රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වුවහොත් ඉදිරියේදී අග්‍රාමාත්‍ය ධුරයට බැසිල් රාජපක්ෂ මහතා පැමිණෙනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
ජනාධිපති ධුරය සඳහා පවතින ඡන්ද විමසීමෙන් රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරනු ඇති බවට ඊයේ (19) දිනයේ සිට විවිධ මත පළ වුවත් මෙතරම් විශාල ඡන්ද සංඛ්‍යාවකින් ඒ මහතා ජයග්‍රහණය කරනු ඇතැයි කිසිවකු නොසිතූ තරම් ය. ඊයේ රාත්‍රිය වනවිටත් ආරංචි පැතිර තිබුණේ ඒ මහතා ඡන්ද 120ක් වැනි ප්‍රමාණයක් ලබාගනු ඇති බවට ය. එහෙත් ඡන්ද 134ක් ලබා ගනිමින් විශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඒ මහතා අවසානයේ සමත් විය.
අද (20) පැවැත්වෙන ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමේදී ජන මතය අනුව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා දැනටමත් ජයග්‍රහණය කර අවසන් බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.
නව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා හෙට (20) පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ඡන්ද විමසීමේදී ඩලස් අලහප්පෙරුම මහතා වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.
නව සම්මුතිවාදී දේශපාලන ගමනක සමාරම්භය අද සනිටුහන් වූ බව ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා. ජනාධිපති අපේක්ෂකත්වය සඳහා නාමයෝජනා භාරදීමෙන් අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා හෙට පැවැත්වෙන ඡන්ද විමසීම මේ වන විට තුන් කොන් සටනක් බවට පත්ව තිබෙනවා. ඒ, ජනාධිපති අපේක්ෂකත්වය සඳහා මන්ත්‍රීවරුන් තුන් දෙනෙකුගේ නාමයෝජනා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීම හේතුවෙන්.
ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනිවාර්යයෙන්ම ඡන්දය ප්‍රකාශ කරන බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.
ජනාධිපතිවරයා තේරීමේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් තමන් නාමයෝජනා භාර නොදී සිටීමට තීරණය කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කර සිටිනවා.
Page 140 of 555