Friday, January 02, 2026
Follow Us
අරගලකරුවන් සමග සාකච්ඡාවෙන් සම්මුතියෙන් එකඟතාවයට එන්න – හිටපු ජනපතිගෙන් ඉල්ලීමක්

ජාත්‍යන්තර සහයෝගය අපේක්ෂාවෙන් සිටින මොහොතක මර්දනකාරී ක්‍රියා පිළිවෙත් අනුගමනය කිරීම රටේ අනාගතයට බලපානු ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

සිය නිල ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමිනුයි හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කරන්නේ.

ගෝල්ෆේස් අරගල භූමියේ සිටින අරගලකරුවන් සමග සාකච්ඡාවෙන් සම්මුතියෙන් එකඟතාවයට පැමිණ මෙම ගැටළුව විසදා ගන්නවා නම් වඩාත් සුදුසු යැයිද හෙතෙම යෝජනා කරයි.

LNW