Saturday, January 03, 2026
Follow Us
සති දෙකකින් සිදුවන කැබිනට් සංශෝධනයේදී සජබ පිරිසකටත් ඇමති ධූර

තවත් සති දෙකකින් පමණ පසු යළි කැබිනට් සංශෝධනයක් සිදු විය හැකි බව දේශපාලන ආරංචි පවසනවා. එම සංශෝධනයේදී සමඟි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුද අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දීමට නියමිත බවයි වාර්තා වුණේ.

ඒ අතරට හිටපු ජේ්‍යෂ්ඨ අමාත්‍යවරයෙකුගේ පුත්‍රයෙකුද වන බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීමත් සමඟ හිස්වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට නම් කළ එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන එළඹෙන බදාදා දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ දිවුරුම් දීමට නියමිත බවයි වාර්තා වන්නේ. එදිනම ඔහු අමාත්‍ය ධූරයකද දිවුරුම් දීමට නියමිත බවද නෙත් නිවුස් වෙත වැඩිදුරටත් වාර්තා වුණා.

Neth