Friday, January 02, 2026
Follow Us
වජිර අබේවර්ධන පාර්ලිමේන්තුවට

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු ධුරය සඳහා වජිර අබේවර්ධන නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, මැතිවරණ කොමිෂන් සභාව විසින්. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමග පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය පුරප්පාඩු වුණා.

08 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම්දීමත් සමඟ මන්ත්‍රී ධූරයක් පුරප්පාඩුවී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට ඉකුත්දා ලිඛිතව දැනුම්දී තිබුණා.

තමන් මෙරට ජනාධිපතිවරයා ලෙස ධූරය භාරගන්නා ලද බැවින් සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලිපියක් මඟින් තමන් වෙත දන්වා ඇති බවයි පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සඳහන් කළේ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා පුරප්පාඩුවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට වජිර අබේවර්ධනගේ නම යෝජනා කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

ඊට අදාළව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා වජිර අබේවර්ධන තෝරාපත්කර ගන්නා ලද බව ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

Neth