Friday, January 02, 2026
Follow Us
ධම්මිකගේ පුටුවට තුන්කොන් සටනක්

පොහොට්ටුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය ගැන අවසන් තීරණයක් නෑ


ධම්මික පෙරේරා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයෙන් ඉවත් වීම නිසා පුරප්පාඩු වන මන්ත්‍රි ධුරය ලබා ගැනීමට තිදෙනකු ඉදිරිපත් වී සිටිති.

දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පරිපාලන ලේකම් රේණුක පෙරේරා, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ එම තිදෙනා වෙති. එහෙත් මන්ත්‍රි ධුරයට පත් කරන්නේ කවුද යන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැත.

දකුණු පළාත් ආණ්ඩුකර ධුරයෙන් වීලි ගමගේ පසුගියදා ඉවත් වී කියා සිටියේ නව ජනාධිපතිවරයාට සුදුසු පුද්ගලයකු පත් කිරීමට අවස්ථාව ලබා දෙන බවයි. ධම්මික පෙරේරා දින හතලිහක පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් පසුගිය බ්‍රහස්පතින්දා ඉල්ලා අස්වූයේය.

Aruna