ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනිවාර්යයෙන්ම ඡන්දය ප්‍රකාශ කරන බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.
ජනාධිපතිවරයා තේරීමේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් තමන් නාමයෝජනා භාර නොදී සිටීමට තීරණය කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කර සිටිනවා.
අද (20) දිනයේ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමෙන් ජයග්‍රහණය කර, රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වුවහොත් ඉදිරියේදී අග්‍රාමාත්‍ය ධුරයට බැසිල් රාජපක්ෂ මහතා පැමිණෙනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා 03ක් ඉදිරිපත්වී තිබෙනවා. ඒ සඳහා දැනට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ගේ නම මෙහිදී යෝජනා විය.
අද (20) පැවැත්වෙන ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමේදී ජන මතය අනුව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා දැනටමත් ජයග්‍රහණය කර අවසන් බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.
නව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා හෙට (20) පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ඡන්ද විමසීමේදී ඩලස් අලහප්පෙරුම මහතා වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.
නව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ඡන්ද විමසීමේදී වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 124ක් ලබාගනිමින් ජයග්‍රහණය කරන බවට තමන් ඔට්ටු අල්ලන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන පාර්ශ්වය නියෝජනය කරන නිමල් ලංසා මහතා ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
නව සම්මුතිවාදී දේශපාලන ගමනක සමාරම්භය අද සනිටුහන් වූ බව ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා. ජනාධිපති අපේක්ෂකත්වය සඳහා නාමයෝජනා භාරදීමෙන් අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
ඉක්මනින්ම තමන්ට නිදහස හිමිවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පවසයි.
අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා හෙට පැවැත්වෙන ඡන්ද විමසීම මේ වන විට තුන් කොන් සටනක් බවට පත්ව තිබෙනවා. ඒ, ජනාධිපති අපේක්ෂකත්වය සඳහා මන්ත්‍රීවරුන් තුන් දෙනෙකුගේ නාමයෝජනා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීම හේතුවෙන්.
අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා නාමයෝජනා භාර ගැනීම අද සිදු වනවා. පාර්ලිමේන්තුවේ එවැනි නාමයෝජනා භාරගැනීමක් සිදු වන්නේ වසර 29 කට පසුවයි. මීට පෙර 1993 වසරේ හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාස මහතාගේ අභාවයෙන් පසු එවකට වැඩ බලන ජනාධිපති ඩී බී විජේතුංග මහතා හිටපු ජනාධිපතිවරයාගේ ඉතිරි ධූර කාලය සඳහා තේරී පත් වුණා. ඒ, ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකවයි.
Page 139 of 554