Saturday, January 03, 2026
Follow Us
ගෝඨාභය යළි ලංකාවට එයි ?

සිංගප්පූරුවේ සිටින ගෝඨාභය ගැන බන්දුල කිව්ව කතාව


හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සැඟවී සිටින බව තමන් කිසිසේත් විශ්වාස නොකරන බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (26) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

හිටපු ජනාධිපතිවරයා නැවත පැමිණන බව තමන් දැන සිටින බවත් ඔහු පැමිණෙන ස්ථිර දිනයක් සම්බන්ධයෙන් තමන් නොදැනුවත් බවත් ඔහු සඳහන් කළේ ය.

ප්‍රශ්නය : අපේ හිටපු ජනාධිපතිතුමා දැන් සිංගප්පූරුවට ගොස් එහි සැඟවී සිටිනවා. සිංගප්පුරුවේ නීතිපතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා ඔහු අත්අඩංගුවට ගන්න කියලා. යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් එම නිසා ඔහු නැවත වතාවක් අමෙරිකාවෙන් වීසා ඉල්ලලා තියෙනවා. ඒ වීසා ලබාදීම ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඒ අනුව ඔහු නැවත අගෝස්තු මාසයේ ශ්‍රී ලංකාවට එන්න බලාපොරොත්තු වෙනවා ද?

පිළිතුර: “මේ සම්බන්ධයෙන් ඔබ සඳහන් කළ කරුණ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා වුණෙත් නෑ. මම දැනුවත් නෑ. ඒ වගේම හිටපු ජනාධිපතිතුමා සැඟවිලා ඉන්නවා කියන එක මම කිසිසේත්ම විශ්වාස කරන්නේ නෑ. මොකද එතුමා නිල වශයෙන් අවශ්‍ය වීසා ලබාගෙන තමා ඒ රටට ගිහින් තියෙන්නේ. අනිත් ඕනෑම කෙනෙකුට තියෙන අයිතිය යටතේ. එතුමා ආපසු පැමිණෙන බව තමා මම දැනගෙන සිටියේ. ඒ පිළිබඳ අදාළ වෙනත් තත්ත්වයක් තියෙනවා නම් අපේ රටේ හිටපු ජනාධිපතිවරයා ට උපද්‍රව්‍යක් එලෙසින් සිදුනොවන්නට අවශ්‍ය කටයුතු යොදයි. එහෙම දෙයක් දේශපාලන වශයෙන් මිසක් අපි දැනුවත් වෙලා නෑ.”

ප්‍රශ්නය: ජනාධිපති එනවා කියලා කිව්වා එහෙම එන දිනයක් තියෙනව ද?

පිළිතුර: හිටපු ජනාධිපතිතුමා නැවත පැමිණීම පිළිබඳව ස්ථිර දිනයක් පිළිබඳව මට දැනුවත් බව ක් නැහැ… මට දැනට…

Aruna